Jan 03

මධුසමය ගත කරන කෝලි – අනුෂ්කා යුවළට දකුණු අප්‍රිකාවේදී හමුවූ විශේෂ අමුත්තා – Photos & Video

kohli-anushka-akshey-kumar4

පසුගියදා විවාහ වූ විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා මේ වෙද්දි ඉන්නෙ දකුණු අප්‍රිකාවේ.

කෝලි විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවට පැමිණියේ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියකට සහභාගී වීමටයි.

නමුත් තරගාවලිය ආරම්භයට පෙර කෝලි අනුෂ්කා ෂර්මා සමගින් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරය සිය මධුසමය සඳහා තෝරා ගෙන තිබුණා.

මේ අතර පසුගිය දවසක අලුත් අවුරුදු නිවාඩුවට පැමිණි සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්ද කෝලි සහ අනුෂ්කා සමගින් කේප්ටවුන් නගරයේ ආපනශාලාවක් තුළදී හමුවූ ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ආක්ෂේ කුමාර් දකුණු අප්‍රිකාවට පැමිණ තිබුණේ සිය බිරිඳ වන ට්වින්කල් ඛන්නාගේ 42 වැනි උපන් දිනය සැමරීමටයි.

එමෙන්ම දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර කෝලි සහ අනුෂ්කා නිදහසේ කේප්ටවුන් නගරයේ ගැවසෙන වීඩියෝ පෙළක්ද අන්තර්ජාලයට එක්වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *