Feb 02

බංගලියන් වෙහෙස කරමින් කුසල් තවත් තීරණාත්මක කඩ ඉමක් පසු කරයි

kusal
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වන අදයි. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 231 ක්  ලබා සිටිනවා.

ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමට පෙර දැවී ගියා.

නමුත් දෙවන කඩුල්ලට පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා මේ වනවිට නොබිදුනු ලකණු 231 ක සබඳතාවක් ගොඩ නගා තිබෙනවා.

කුසල් සිය ටෙස්ට් දිවියේ 4වන ශතකය වාර්තා කරන්නට මීට ස්වල්ප වේලාවකට පෙර සමත්වුණා. මෙය ඔහුගේ 4වන ටෙස්ට් ශතකයයි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකණු 101 යි.

ධනංජය ද සිල්වා නොදැවී ලකණු 130 යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *