May 01

අද නිවාඩු නැතත් මැයි දිනේ සමරන්න කට්ටියක් සූදානම්

ලෝක කම්කරු දිනය අදට යෙදී තිබුණද මෙරට කම්කරු දින සැමරුම ලබන 7 වනදාට යොදාගැනීමට රජය කටයුතු කරනු ලැබුවේ වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙනි.
නමුත් ඇතැම්

දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති අද දිනයේදී මැයිදින සැමරුම් කිහිපයක් පවත්වනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණ, යාපනය මහ නගර සභා ක්‍රීඩා පිටියේදීද, දෙමළ ජාතික සන්ධානය යාපනය – වඩමාරච්චි ප්‍රදේශයේදී ද
මිය ගිය කම්කරු නායකයන්ට පිං පැමිණවීමට ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට –
අභයරාමයේදී අද පස්වරු 2ට බෝධි පූජාවක්ද පවත්වනු ඇත.
මීට අමතරව සමාජවාදී ජනතා පෙරමුණ ,රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය  රැළි පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *