Jan 10

ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ අලුත්ම වේග පන්දු යවන්නා මෙන්න

lahiru-madusanka
 ලංකා එක්දින සංචිතයට කැදවූ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවමත් පළමු ක්‍රිකට් පිටියේද එතරම් අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් නෙමෙයි.

ඔහු තවමත් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 3 කට පමණයි. ෂෙහාන් කණ්ඩායමට නම් කිරීම පිළිබඳව අදහස් දක්වමින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රකාශ කලේ ‘‘පැයට කිලෝ මීටර් 140 ක වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයින් අපිට අවශ්‍යයි. ඒ නිසයි ඔහු අපි කණ්ඩායමට නම් කලේ“  යනුවෙන්.

වෙන්නපුව ජෝශප් වාස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසෙන ෂෙහාන් මධුශංක අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා.

ඔහු ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමද නියෝජනය කළා. දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩකයකු වන විසි දෙහැවිරිදි ෂෙහාන් සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම සමග පැවති තරගාවලියේදී ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම නියෝජනය කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *