Jan 19

කාන්තාවන් බියගන්වා අමුතු සෙල්ලමක් දාපු අනංගයෙකුට වැඩ වරදියි

man-arrested
කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ එලිදක්වන බවට බලපෑම් කර ලිංගික හිරිහැර සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලද පැමිණිල්ලක් මත රාජගිරිය – කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේයි.

35 හැවිරිදි ඔහු එම ක්‍රියාව සඳහා යොදාගත් පරිගණකය සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු පරිගණක ක්‍රියාකරුවෙකු ලෙස රැකියාව කරන අයෙකු බවටද අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *