Feb 26

මංගලට ලබා දී ඇත්තේ වාහන 3 යිලු

mangala-vehicles

එසේම මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා අනියුක්ත කර ඇත්තේ නිල වාහන 06ක් පමණක් බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යවරයා සඳහා මසිඩීස් බෙන්ස් පීප් රථයක්,බී.එම්.ඩබිලිව්. මෝටර් රථයක්, ටොයෝටා පීප් රථයක් ලබාදී තිබෙන බවත්, කාර්යමණ්ඩලය සඳහා නිසාන් මෝටර් රථ 04ක් හා මිට්සුබිෂී කැබ් රථ 02ක් ලබාදී තිබෙන බවත් එම අමාත්‍යශය ප්‍රකාශ කරයි.
එසේම

මංගල සමරවීර මහතාගේ කාර්යමණ්ඩලය සඳහා නිලධාරීන් 19 දෙනෙකු සිටින බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යශය පාර්ලිමේන්තුවට දැනුමිදී තිබේ.ඒ යටතේ කළමනාකරණ සහකාරවරුන් 07 දෙනෙකු, සම්බන්ධීකරණ ලේකම්වරුන් සිවුදෙනෙකු, රියදුරන් දෙදෙනෙකු, කාර්යාල කාර්යය සහායකයන් දෙදෙනකු, පෞද්ගලික ලේකම්වරුන් දෙදෙනෙකු, මාධ්‍ය ලේකම් වරයෙකු  සහ මහජන සම්බන්ධතා නිලධාරීයෙකු සිටින බවද එම අමාත්‍යශය වැඩිදුරටත් සඳහන් කරයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා වෙන්කර ඇත්තේ නිල වාහන තුනක් පමණක් බව එම අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දන්වා නිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *