Jan 27

ලංකාවෙන් ලැබුණු අනතුරු සංඥාවක් ගැන අන්ත පරාජයෙන් පසු බංග්ලාදේශ නායකයා හෙළි කරයි – Video

masrafe-mortaza
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගය කඩුලු 10කින් ජයගැනීම, තම කණ්ඩායමට යලි නැගිටීමට දුන් සංඥාවක් බව බංගලාදේශ කණ්ඩායමේ නායක මෂ්රීෆ් මොටාසා පවසනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ තමිම් ඉක්බාල් හා සකීබ් අසමත් වුවහොත් මැද පෙළ පිතිකරුවන්ගෙන් අවසන් තරගයේදී විශාල දායකත්වයක් අවශ්‍ය බවයි.

තුන්කොන් තරගාවලියේ පෙර පැවැති තරග තුනේදී අර්ධ ශතක 05 ක් වාර්තා කිරීමට තමීම් හා සකීබ් සමත් වු අතර ඊයේ පැවැති තරගයේදී ඔවුන් දෙදෙනා අසාර්ථක වීම හේතුවෙන් බංගලාදේශ කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 82ක් පමණයි.

‘‘සකීබ් හා තමීම් අවසන් තරගයේදී සාර්ථක වෙයිද නැද්ද කියල අපිට සහතිකයක් දෙන්න බෑ. ඒක නිසා අපිට දැන් අදහසක් තියනවා. මහමදුල්ලා අතීතයේදී මේ තත්වයන් හසුරවල තියනවා.. සබීර් තරග 50 ක් ක්‍රීඩා කරල තියනවා. ඒක නිසා එයාට හැකියාව තියනවා මේ වගේ තත්වයකදි මුහුණ දෙන්න. “

‘‘අද ආරම්භක පිතිකරුවන් වගේම මැදපෙළ පිතිකරුවනුත් අසාර්ථක වුනා.. ඇත්තමට අපි ඒ වගේ දෙයක් අපේක්ෂා කලේ නෑ.. කඩුලු 04ක් බිඳ වැටිල තියෙද්දිත් පහරදීමක් අවශ්‍ය නෑ. ඒක නිසා අපි මේ ගැන සාකච්ජා කළ යුතුයි. සකීබ් තමයි පසුගිය අවුරුදු 10-11 ම 05 වැනි පිතිකරුවා ලෙස ක්‍රීඩා කළේ. ඒක නිසා දැන් මැද පෙළ ්‍ඒ වගකීම ගන්න ඕන. අපිට සකීබ් ගැනම විශ්වාසය තබාගෙන ක්‍රීඩා කරන්න බෑ.“

බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 04 ක් වැටි සිටියදීත් සබීර් රෙහමාන් හා නසීර් හුසේන් වේගවත් පහරවල් කරා යෑමට ගොස් දැවී ගිය අතර මොටාසා පවසන්නේ ඔවුන් පීඩනය පාලනයකින් තොරව පන්දුවට පහරදුන් බවයි.

‘‘ඔවුන් පීඩනය හමුවේ සාර්ථකව පහර දුන්නේ නැ.. ඔවුන් පළමු පෙළ තරග වල කඩුලු දැවී ගිය පසුත් ප්‍රහාරාත්මක වේගය 100ක  වගේ තත්වයකින් පවත්වාගෙන යන ක්‍රීඩකයින්. ඒත් කඩුලු කිහිපයක් දැවී ගියාට පස්සේ අපි තරගයට අනුව ක්‍රීඩා කල යුතුයි. මම හිතන්නේ ඔවුන් ඒ ගැන හිතල සාර්ථකව අවසන් තරගයට මුහුණු දෙයි කියලා“



Leave a Reply

Your email address will not be published. Required fields are marked *