May 05

මුලතිව්වලින් මතුවූ කොටි ආයුධ ගබඩාව – Photos

මුලතිව් විශ්වමඩු, ඉලන්ගෝපුරම් ප්‍රදේශයේ සඟවා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බවට සැකකරන පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (03) පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදීයි මෙම අවි තොගය සොයාගෙන ඇත්තේ.

ඒ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ ලබාගත් නියෝගයකට අනුවයි.
එසේ සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 736 ක්, එම්.75 වර්ගයේ අත්බෝම්බ 06 ක්, ටි 82 වර්ගයේ අත්බෝම්බ 01 ක්, ආර්.පි.ජි. ගිනි අවි දෙකක්, ටි 56 ගිනි අවි කොටස් කිහිපයක් සහ ගුවන් යානා නාශක උණ්ඩ 80 ක් තිබූ බව පොලිසිය පැවසුවා.

පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් පැවසූවේ මෑත කාලයේදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් හමුවූ විශාලතම පුපුරණ ද්‍රව්‍යතොගය මෙය බවයි.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ අදාළ අවි තොගය නිශ්ක්‍රීය කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *