Dec 21

අර්ධ කාල සර්ප යෝගයෙන් උදාවන නව වසර

New Year comes from part time snake yoga

නව වසරක්‌ උදාවන විට ලෝකවාසී ජනතාව තුළ ඉතා යහපත් නැවුම් බලාපොරොත්තු රැසක්‌ මුදුන් පමුණුවාගෙන ගෙවී යන වසරේ කටුක අමිහිරි අත්දැකීම් අමතක කර සාමය සතුට සෞභාග්‍යය පිරි යහපත් මිනිස්‌ සිතුවිලි තුළින් පෝෂණය වනු ඇත.

2018 නව වසර උදාවත් සමඟ අහස්‌ සිතියමේ උදාවනු ලබන ග්‍රහ තාරකා බලය මිනිස්‌ සිතට මෙන්ම ස්‌වභාව ධර්මයටද තදින්ම බලපානු ඇත. එනම් ජනවාරි පළමුවැනි දින සූර්ය උදාවත් සමඟ ගුරුට හිමි ධනු රාශියත්, අර්ධ කාල සර්ප ග්‍රහයෝග බලයකින් යුතුව හා කුජට හිමි මුව සිරස නැකතින් 2018 නව වසර උදාවනු ඇත. මෙහිදී ලග්නාධිපති ගුරු ග්‍රහයා කුජ සමඟ යෝග කාරකව තමාට සතුරු රාශියක්‌ වන තුලා රාශිගතව එකොළොස්‌ වැනි භාවයේ ගමන් කරමින් සිටින අතර සෙනසුරු ග්‍රහයා ද ධනු රාශියේ මන්දගාමී ග්‍රහ ගමනක යෙදෙනු ඇත. ලග්නයෙන් දෙවැන්නේ හෙවත් ධනස්‌ථානයේ කේතු සතුරුව හා ලග්නයෙන් අට වැන්නේ රාහු සතුරුව සිටින මොහොතේ අටවැන්නාධිපති සහ මිනිස්‌ සිතට අධිපති සඳු ග්‍රහයා පාපී රාහු සහ කේතුට මැදිවී පාපී සෙනසුරුගෙන් හත්වැන්නේ සප්තම දෘෂ්ටියකින් යුතුව තදබල ලෙස පීඩා විඳිනු ඇත. මෙම අවස්‌ථාව විෂම අර්ධකාල සර්ප යෝගයක්‌ වශයෙන් හඳුන්වනු ලබයි.

මෙහිදී ජ්‍යෙdතිෂ සිද්ධාන්ත මුල්කර ගැනීමේදී විශ්ව ශක්‌තීන්ගේ බලපවතින පංච මහා භූතයෝ වශයෙන් සැලකෙන ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ කියන බලශක්‌තීන්ද අයහපත් විෂ අර්ධ කාල සර්ප යෝගයේ ග්‍රහ කිරණට හසුවනු ඇත. මෙහිදී දින අධිපති සඳු ග්‍රහයාද දැඩි පීඩාකාරිත්වයට පත්වීමෙන් මිනිස්‌ සිතුවිලිද ව්‍යාකූලතාවට පත්වනු ඇත. දොළොස්‌ වැන්නාධිපති හෙවත් වැය ස්‌ථානාධිපති කුජගේ නැකතකින් සමන්විත අවුරුදු උදාව ආර්ථික වශයෙන් දැඩි අපහසුකම් මහජනතාවට දැනෙනු ඇත. වැය ස්‌ථානයේ බුධ ග්‍රහයා ගමන් කරන අතර ජාතික අධ්‍යාපනික වශයෙන්ද අවුල් සහගත ප්‍රශ්න රාශියක්‌ උද්ගත වීමේ ප්‍රවණතාව වැඩිය. රාජ්‍ය කාරක රවි සහ සෙනසුරු, සිකුරු සමඟ ධනු රාශියේ යෝගවීමද යහපතක්‌ වශයෙන් දැකිය නොහැකිය. දේශපාලනික වශයෙන් රට අස්‌ථාවර වීමේ ප්‍රධාන පක්‍ෂ අතර අභ්‍යන්තර බල අරගල වඩ වඩාත් ඉස්‌මතු වෙමින් ඇතැම් වගකිව යුතු නායකයන්ගේ තනතුරු පවා ගිලිහී යනුq ඇත. කලා ක්‌ෂේත්‍රයේ නිරත වන අයටද එතරම් සුබදායක තත්ත්වයක්‌ මෙහිදී පෙන්නුම් නොකෙරේ. මිනිස්‌ ජන ජීවිතයටද විවිධ ප්‍රශ්න ගැටලු හා වස විෂ සහිත රෝග විපත් සෞඛ්‍ය පිරිහීම් දුක්‌ කරදරවලට මුහුණ පෑමට සිදුවනු ඇත.

රටේ ජාතීන් හා ආගමික වශයෙන් විවිධ මතවාද බේද භින්නවීම් හා උගත් විද්වතුන් මෙන්ම කම්කරු සාමාන්‍ය ජනතාව අතරින් ඉස්‌මතු වන විවිධ වැඩ වර්ජන උද්ඝෝෂණ නිසාවෙන් රජය දැඩි අපහසුභාවයකට හා අපකීර්තියට පත්වනු ඇත. අප බලාපොරොත්තු නොවන ආකාරයේ ස්‌වාභාවික හානිදායක විපත් මෙන්ම හදිසි අනතුරු ලේ වැගිරීම්, ආහාරපාන විෂවීම් වැනි කනගාටුදායක සිද්ධීන් මෙන්ම විෂම අර්ධ කාල සර්ප යෝගයෙන් නව අවුරුදු උදාවට දැඩි ලෙස අහිතකර බලපෑම් ගෙනදීමේ ප්‍රවණතාව වැඩිය. පොදුවේ ගත්කල සමස්‌තයක්‌ වශයෙන් ලග්න දොළහටම මෙම අසුබවාදී ග්‍රහ කිරණ බලය ගලාඑනු ඇත. විශේෂයෙන් රාහු – කේතු සඳු සහ කුජ, සෙනසුරු මහ දශා අතුරු දශාවන් බලපවතින අයට මෙහි ග්‍රහ පීඩාකාරී බව තදින්ම දැනෙනු ඇත. උදාවන නව වසරේ සෞභාග්‍යය ළඟා කර ගැනීම පිණිස ඔබ කළ යුතු දේ බොහෝය.

තම ආගම දහමට අනුව යුක්‌තිගරුකව සමාජයට යහපතක්‌ වන අයුරින් ගුණගරුක, ධාර්මික, මෛත්‍රී කරුණාවෙන් ජීවන රටාවක්‌ පවත්වාගෙන යනු ලබන යහපත් මිනිසුන්ට මෙහිදී ඉතා සැනසුම් සහගත සැනසීමක්‌ ලැබෙනු ඇත. ඔබ සැමට සුබ නව වසරක්‌ වේවා·

කීර්ති ශ්‍රී ලංකාභිමානී, ජ්‍යෙතිෂ්‍ය විද්‍යා විශාරද ගුප්ත විද්‍යාවේදී,
ඡේ. එම්. ජයන්ත ඒකනායක
වැඩිදුර විස්‌තර සඳහා 077 – 3530 607

Leave a Reply

Your email address will not be published. Required fields are marked *