Jan 20

නවසීලන්තයේ අවිවාහක අගමැතිනි ජසින්ඩා ගැබ් ගත් බව කියන්න මාධ්‍ය හමුවක්

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ඊයේ (19) හදිසි මාධ්‍ය හමුවක් කැඳවා  කියා සිටියේ ඇය ගැබිනියක බවය. ජසින්ඩා විවාහක කාන්තාවක නොවන අතර, ඇය ජීවත් වන්නේ ඇගේ සහකරු ක්ලාක් ෂේෆර්ඩ්
සමඟය. මාධ්‍ය හමුවට ‍ලැබෙන්නට සිටින

දරුවාගේ පියා වන ක්ලාක්ද එක්වූ අතර ඔවුන් ලබන ජුනී මාසයේ උපදින දරුවා ගැන සතුටින් ප්‍රකාශයක් කර කියා සිටියේ දරුවා ලද පසු සති 6 ක කාලයක් තම තනතුරේ වැඩබැලීම උපඅගමැති විසින් සිදු කරනු ඇති බවත් ඒ ගැන ජනතා අවසරය දෙන ලෙසත්ය.
අගමැතිනිය ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ෆිණුම ඔස්සේ ද මෙම දරු උපත ගැන බිලී කොකු ඇසුරින් ඡායාරූප පළකරමින් සටහනක් යොදා ඇති බව වාර්තා වේ.
37 හැවිරිදි ජසින්ඩා අගමැති ධූරයට පත් වූයේ පසුගිය ඔක්තෝබරයේදිය.
මින් ඉහත රටේ නායකත්වය ලබමින් සිටියදී දරුවෙකු බිහිකළ අයෙකු ලෙස පකිස්තානයේ  බෙනාසීර් බුතෝගේ නම ඉතිහාස ගතව ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *