Feb 15

මිය ගිය කාන්තාවගේ මළසිරුර මාස තුනකින් හමු වුණු හැටි – Photos

norton-bridge
නෝටන්බ්‍රීජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ග්‍රාමයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක ඇට කොටස් හා හිස හමුවී ඇති බව නෝටන්බ්‍රීජ් පොලීසිය පවසනවා.

මෙසේ සොයාගෙන ඇත්තේ, එම ගෙහිමි කාන්තාව වන හැත්තෑ නම හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කුසුමාවතී නැමති සිව් දරු මවක්.

මෙම කාන්තාව හුදෙකලා නිවසක තනිවම පදිංචිව සිට ඇති අතර මාස තුනක පමණ කාලයකින් වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා නොපැමිණි නිසා අසල්වාසී ඥාතීන් පිරිසක් විසින් ඊයේ (14) පස්වරුවේ ඇය පදිංචිව සිටි නිවසට ගොස් සොයාබලා තිබෙනවා.

එහිදී නිවස තුළ ඇඳ අසල තිබී ඇගේ ශරීරයේ ඇටකටු හා හිස දක්නට ලැබුණ බවට නෝටන්බ්‍රීජ් පොලීසියට පැමිණිළි කර තිබෙනවා.

මෙම කාන්තාවගේ දරුවන් සිව් දෙනාගෙන් වැඩිහිටි පුත්‍රයා හා ස්වාමියා වසර කීපයකට පෙර මිය ගොස් ඇති අතර අනෙක් දරුවන් ඈත ප්‍රදේශවල පදිංචිව සිටිනවා.
ඇය වැඩිහිටි දීමණාව ලබා ගනිමින් තනිවම නිවසේ ජීවත් වෙමින් සිටි බව අසල්වාසීන් පවසනවා.

මෙම මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (15) හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *