Jan 03

එක් ජීවිතයකින් ජීවිත 3 ක් ගොඩ දැමූ විශ්මිත සැත්කම – Photos

oparation-case
හිසෙහි නහරයක් පිපිරීයාමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ 35 හැවිරිදි තරුණයෙකුගේ අක්මාව සහ වකුගඩු දෙක ලබා ගනිමින් තවත් රෝගීන් තිදෙනෙකුට එම අක්මාව සහ වකුගඩු කොළඹ ජාතික රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී බද්ධ කළ පුවතක් වාර්තා වුණා.

මෙම රෝගියාගේ අක්මාව කොළඹට කඩිනමින් ගෙනඒම සදහා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් පොළොන්නරුවට යැවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබුණා.

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

අක්මා බද්ධයක් සදහා අවශ්‍ය අක්මාව කිසියම් රෝගියෙකුගෙන් ලබාගෙන අනෙක් රෝගියාට බද්ධ කිරීම සදහා කඩිනමින් රැගෙන ආ යුතු කාර්ය්‍යක් වන නිසා ඒ  සඳහා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් යොදා ගෙන තිබුණා.

මෙම විශ්මිත අක්ෂා බද්ධ සැත්කම කොළඹ ජාතික රෝහලේ සිදු කළ බවයි වාර්තා වුණේ.

56 හැවිරිදි පුද්ගලයෙකුට එම අක්මා බද්ධය සිදු කර ඇති අතර, එම රෝගියා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

වකුගඩු දෙක බද්ධ කරන ලද්දේ මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුටයි.

ඡායාරූප පහතින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *