Jan 03

පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබළියන් තිදෙනෙකුට කිරිඳිවැලදී සිදුවූ දේ

owita-accident
එක්  යුද හමුදා සෙබළියක් ජීවිතක්ෂයට…

කිරිඳිවැල – හංවැල්ල මාර්ගයේ –  ඕවිට ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් යුධ හමුදා සෙබළියක් මිය ගොස් තවත් යුධ හමුදා සෙබළියන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරුවේ කිරිඳිවැල සිට පුගොඩ දක්වා ධාවනය වු ත්‍රීරෝද රථයක් ඊට ඉදිරියෙන් ගමන් කල ශ්‍රී ලංගම බස්රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ත්‍රීරෝද රථයේ ගමන් ගත් පනාගොඩ යුද හමුදා කඳවුරෙහි තූර්ය වාදක කණ්ඩායමේ හමුදා සෙබළියන් තිදෙනා තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසුව එක් කාන්තාවක් මියගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *