May 16

දින කිීපයකට දැව සංස්ථාවේ සභාපතිවූ පොල්ගම්පොළ අත්අඩංගුවට

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්වීම් ලැබීමෙන් අනතුරුව එල්ලවූ චෝදනා මත ඉවත් කරන ලද අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 80ක මූල්‍ය වංචාවකට ඔහු මීට පෙර වරෙන්තු ලැබ තිබුණි.
මෙසේ ඊයේ (15) දින පොල්ගම්පල මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත් නොවීම හේතුවෙනි.

පොල්ගම්පල මහතා දින කිහිපයකින්ම රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ද මූල්‍ය වංචා චෝදනා හේතුවිය.
දැව සංස්ථාවේ නව සභාපති ලෙස පත් කළ අනුරුද්ධ පොල්ගම්පොල මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්හිටුවනු ලැබුවේ ඔහු සිදුකළ දූෂණ වංචා චෝදනා පිළිබද ජනතා විමුක්ති පෙරමුණ සහ විවිධ පාර්ශව ජනාධිපතිවරයා වෙත දෝෂාරෝපන එල්ල කරන ලද පසුය.
රාජපක්ෂ පාලන සමයේ බැසිල් රාජපක්ෂ සමග එක්ව උප කොන්ත්‍රාත් කරුවන්ට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දෙන සමාගමක් පවත්වාගෙන යමින්

වව්නියාව ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා උප කොන්ත්‍රාත් කරුවන්ට කොන්ත්‍රාත් ලබා දී එම කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ගෙවීමේදී අගරු චෙක් පත් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ මැයි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බවයි.

ඉන් පසු 2017 වසරේ ජුලි 15වනදාද අනුරුද්ධ පොල්ගම්පල  මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඒ  පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මතය.
කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන ඇති අතර එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර තිබිණි.
මොහු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්ව තිබූ අතර ඉන් පසු ඔහු මෙරටට පැමිණි වහාම ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමන ලදී. පසුව ඔහු මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමටත් මහින්ද පරාජයෙන් අනතුරුව මෛත්‍රිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *