Feb 03

මන්ත්‍රී අපේක්ෂකයා, මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ සභාපති කසිප්පු සමග පොලිස් අත්ඩංගුවට

police-arrested
ගිරිබාවේ ප්‍රාදේශිය සභාව සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින ඡන්ද අපේක්‌ෂකයකු බීමත්ව අශෝභන අයුරින් හැසිරෙමින් සිටියදී කසිප්පු බෝතල් භාගයක්‌ සමඟ අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය පවසනවා.
පොලිස්‌ ඇපමත මුදාහැර ඇති සැකකරු ගිරිබාව ප්‍රාදේශීය සභාව සඳහා සාලිය අශෝකපුර මැතිවරණ කොට්‌ඨාසයෙන් තරග වදින අයකු වන බවත් ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවක සභාපතිවරයකු බවත් පොලිසිය සදහන් කරනවා.

සැකකරු වෛද්‍ය පරීක්‌ෂණයකට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී ඔහු බීමත්ව සිටි බවද තහවුරු වූ බව පොලිසිය පැවසූ අතර සැකකරු විවාහක අයකු වන බවත් පෙබරවාරි මස 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *