Jan 11

හමුදා බටයින් එක්ක ගිය ලෝකබලවතාට හිටි හැටියේ අමතක වුණු දේ – Video

හැමදාමත් කුමක් හෝ කතාවක් නිසා වැඩිපුරම කතාබහට ලක් වෙන ජනාධිපතිවරයෙක් තමයි Donald Trump කියන්නේ. ඔහුට වැඩිපුරම මඩගහන්නේ සමාජ ජාල වෙබ් අඩවි. ඔහු පසුගිය සදුදා රාත්‍රියේ අත්ලාන්තයේ පැවති ජාතික පාපන්දු උත්සවයේ සමාරම්භක අවස්ථාවේදී ජාතික ගීය අමතක වෙනවා.

ඔහු උත්සවය ආරම්භ වෙනවත් සමගම ඉදිරියට පැමිණ වම් අත දකුණු පපුව තුළින් තබාගෙන ජාතික ගීය ගැයෙන තාලයට ඔහුත් ගායනා කර තිබෙනවා. එහිදී ඔහුට ජාතික ගීය අමතක වී කැමරාවට පෙනෙන්නට වචන මුමුණනවා කියලයි සදහන් කරන්නේ. කොහොම නමුත් ඔහුගේ පාක්ෂිකයින් ඊට උත්තර දෙමින් කියා තිබෙන්නේ ට්‍රම්ප්ට ජාතික ගීය අමතක වෙලා නෙමෙයි.. සද්දේ වැඩිකමට එහෙම ඇහෙනවා වගේ කාට හෝ හිතෙනවා ඇති කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *