Dec 26

ගාල්ල – බූස්‌ස රැඳවියන් 53 කට ජනාධිපති සමාව

Presidential pardon to 53

ගාල්ල – එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද 
  
සුළු වැරදිවලට දඬුවම් ලබා ගාල්ල සහ බූස්‌ස බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියෝ පනස්‌තුන් දෙනෙක්‌ (53 ක්‌) ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ (25 දා) නත්තල වෙනුවෙන් නිදහස ලැබූහ.

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තාවක ඇතුළු රැඳවියෝ දහඅට දෙනෙක්‌ද (18) බූස්‌ස බන්ධනාගාරයේ සිටි රැඳවියෝ තිස්‌පස්‌a දෙනෙක්‌ද (35) මෙසේ නිදහස ලැබූහ.

ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන්ට ආචාර කරමින් ගාල්ල බන්ධනාගාරයේ රැඳී සිට නිදහස ලැබූ රැඳවියන් පිටව යන අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *