Feb 27

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට චීනෙට යන්න ස්කොලර්ෂිප් එකක්

Priyanka-fernando

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටියදී මෙරටට ගෙන්වාගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදෑම්මට අවස්ථාව ලබා දී ඇතැයි මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුමිකරු මේජර් අජිත් ප්‍රසන්න මහතා ඊයේ (26දා) පැවසීය.

යුද හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අතර ඊයේ දිනයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්, ඒ අනුව ‍බ්‍රිගේඩියර්වරයාගේ බ්‍රිතාන්‍ය තානාපති සේවය අවලංගු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍ය මහ කොමසාර්ස් කාර්යාලයේ රැකියාව ඉදිරියටත් කරගෙන යෑමට අවස්ථාව ලබාදෙන බවට ජනාධිපතිවරයා මැතිවරණයට පෙර පොරොන්දු වුවද බ්‍රිගේඩියර්වරයාට අමතරව ඔහුගේ බිරිද සහ  දරුවන්ගේ වීසා අවලංගු කර වහාම ලංකාවට ගෙන්වන්නැයි දෙමළ ඩයස්පෝරාව ඉල්ලා

ඇතැයිද ඔහු කීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මේජර් අජිත් ප්‍රසන්න මහතා,

“පිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අද (26)දා මවුබීමට එරෙහි, රණවිරුවන්ට එරෙහි යුද්ධය පටන් ගන්නවා. දෙමළ ඩයස්පෝරාව ඇතුළු විවිධ සංවිධාන එහි ගිහින් ඉල්ලීම් කර තිබනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙවරයෝජනා තුනක් එන බව අපට ආරංචියි. ලංකාව විශ්වීය අධිකරණ ක්‍රියාවලියකට යටත්ව නඩු ඇසීමට අවස්ථාව ලබාදීම, 30/1 යෝජනාව අනුව රණවිරුවන් යුද අපරාධ කළ බවට දෙමුහුන් අධිකරණයක් මඟින් දඩුවම් කිරීම යන යෝජනා සඳහා අමරිකාව සමග මෙරට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා.
මේක ඇස් පනාපිටම අද බොරුවක් බවට සනාථ වෙලා තිබෙනවා. එංගලන්තය නේස්බි සාමිවරයා කේබල් මගින් පණිවුඩ මගින් තොරතුරු සොයාගෙන හයදාහකට ආසන්න පිරිසක් පමණක් මියගොස් හෝ  අතුරුදන් වී තිබෙන්නේ කියලා. 40,000ක් අතුරුදන් වුණා කියන සෙයිඩ් අල්හුසේන් කුමාරයාගේ වාර්තාව සම්පූර්ණ බොරුවක් වෙලා තිබෙනවා. මේ සම්බන්ධව අපේ විදේශ අමාතහංශය, ආරක්ෂක අමාතශය, ජනාධිපතිවරයා, අගමැතිවරයා නිරුත්තරයි.රටේ රණවිරුවන් ආරක්ෂා කරගන්නට ජිනිවාවලට කණ්ඩායමක් ගිහින්30/1ශයෝජනාවට තවත් අපේ රට බැදෙන්නේ නෑ  කිව යුතුයි. එම යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතුයි,

නමුත් එහෙම නොකරන ආණ්ඩුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගෙන්වෙනවා. තහනම් කරපු LTTE  සංවිධානයේ කොඩිය අරගෙන නිදහස් දිනයේදී දෙමළ ඩයස්පෝරාව උඝෝෂණය කරද්දී එයට විරෝධය පෑවා කියලා මෙසේ ගෙන්වා තියෙන්නේ. ඡන්දේ කාලයේදී ජනාධිපතිවරයා කිව්වා ඔහු අයින් කළේ නැහැ සේවයේ යළි පිහිටෙව්වා කියලා. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *