Jan 10

අලුත් තරඟයකට අගමැති රනිල් සැරසෙයි – Video

ranil-wickremesinghe

වත්මන් ආණ්ඩුව මේ දක්වා පැමිණි ගමනේදී හමුවූ බාධක සහ එම අභියෝගවලට සාර්ථකව මුහුණදුන් ආකාරය පිළිබඳව සතුටු විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදින් වසර 3 කට පෙර ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් වූ සියලූදෙනා අදාළ අරමුණු වෙනුවෙන් කැපවී සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ආණ්ඩු බලය හිමිකරගෙන වසර 3 ක් ඇතුළත රාජ්‍ය සේවය පුළුල් කර හෘද සාක්ෂිය මත කටයුතු කර තීරණ ගැනීමේ නිදහස ලබාදුන් බවද එහි දැක්වෙනවා.

එසේම තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම, රාජ්‍යයට එරෙහි මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම, සහ විධායකය සතු අසීමිත බලතල සීමා කිරීම වැනි කටයුතු රැසක්ද වත්මන් රජය ඉටුකළ බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

කෙසේ වෙතත් රට සුවපත් කිරීමට තවත් බොහෝ දෑ කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා නිකුත්  නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී සිදුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *