Jan 09

වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි පොලිසියට බාර වෙයි

singers-wife-surrenders-to-police
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට අවශ්‍යව සිටි ප්‍රවීණ ගායකයකු වන වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ අද (9) උදෑසන  පොලිසියට බාර වී  ඇති බව තංගල්ල පොලිසිය සදහන් කරනවා.

31 වියැති ඇය තංගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කර තිබෙනවා. එසේ සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු තිබෙන බව සදහන්.

ඒ අනුව අද(9) ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *