Jan 09

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය අතරතුර ක්‍රීඩාංගණය දඬුවම් දෙන තැනක් වෙයි

sl-vs-ban
ශ්‍රී ලංකාව – බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සහභාගිවන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 15වෙනිදා අරම්භවීමට නියමිතයි.

මේ තරගාවලියේදී මුදලට තරග පාවාදීම වැළැක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විශේෂ පියවර රැසක් ගෙන තිබෙනවා.

මේ අනුව තරග පැවැත්වෙන ඩකා නුවර ශරේ බංගලා ක්‍රීඩාංගනයේම අධිකරණයක් පිහිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් හසුවෙන පුද්ගලයන් එම ස්ථානයේදීම නඩු අසා දඬුවම් කිරීම මෙම ක්‍රියා මාර්ගයේ අරමුණ බවයි.

තාවකාලිකව ස්ථාපිත කරන මෙම අධිකරණය බංග්ලාදේශයේ මීට පෙරද ස්ථාපිත කර ඇති අතර එම අධිකරණය හැඳින්වෙන්නේ ජංගම අධිකරණ ලෙසයි.

නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් T20 තරගාවලිය අතරතුර මුදලට තරග පාවාදීම් රැසක් වාර්තා වූ අතර එම සිද්ධීන් වැළැක්වීම සදහායි මෙම අධිකරණය පිහිටුවීමට පියවර ගත්තේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *