Jan 27

බීමතින් පැමිණ සිය මව දූෂණය කළ පාමංකඩ පාපතර පුත්‍රයාට වැඩ වරදී

son-rape-his-mother
වැල්ලවත්තේ 76 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක දූෂණය කර හුස්‌ම සිරකර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇගේ පුත්‍රයකු (03 වැනිදා) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.
 53 හැවිරිදි සැකකරු බීමත්ව පැමිණ මෙම අපරාධය කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙලෙස ඝාතනයට ලක්‌ව තිබුණේ වැල්ලවත්ත, පාමංකඩ, හැව්ලොක්‌ පාරේ පදිංචිව සිටි වයෝවෘද්ධ කාන්තාවක්.

මෙම මියගිය කාන්තාවගේ මරණ පරීක්‍ෂණය සිදුකිරීමට කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල නරසිංහ මහතා ඇය මැරී වැටී සිටි ස්‌ථානයට ගිය අතර, එය නිරීක්‍ෂණය කිරීමේ දී ශරීරයේ සැක සහිත තුවාල දැක ගැනීමට ලැබුණු නිසා එම මරණයට අදාළ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීමට මහෙස්‌ත්‍රාත්වරයා වෙත යොමු කරනු ලැබ තිබුණා.
 ඒ අනුව කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදු කරනු ලැබුවා.
 මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙස කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළ අතර, එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
 ඒ අනුව මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශීක්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ප්‍රසාදිනී සෙනරත් මහත්මිය විසින් සිදු කර තිබුණා.
 ඒ අනුව ඇය දූෂණයට ලක්‌කර හුස්‌ම සිර කිරීමෙන් කළ මනුෂ්‍ය ඝාතනයක්‌ බවටයි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.
 සැකකරු වන ඝාතනයට ලක්‌ වූ කාන්තාවගේ පුත්‍රයා මෙම ඝාතනය කළ බවට පාපොච්චාරණයක්‌ කළද, මෙම ඝාතනය පිටුපස තවත් අය ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර ඇති බවත් දැනගන්නට ලැබෙනවා.
 සැකකාර පුත්‍රයා ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන ගිය බව පොලිසිය පැවසුවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *