Jan 19

ශ්‍රී ලංකා ක්‍රිකට් හත්පොලේ ගා ගනී, ඇෆ්ගනිස්ථානයෙන් ඉල්ලන් කෑවේ මෙහෙමයි

sri-lanka-cricket
අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ  ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (18) පැවති තරගය ශ්‍රී ලංකාව ලකුණු 32කින් පරාජය වුනා.

මේ පරාජයට තේරීම් කමිටුව ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සම්පුර්නයෙන්ම වගකිව යුතු බවයි ක්‍රිකට් ප්‍රවීනයන් පෙන්වා දෙන්නේ.

මේ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම නම් කර තිබුනේ අතිශය විහිළු සහගත ආකාරයටයි.

සන්තුෂ් ගුණතිලක මේ තරග සංචාරයට එක්වුණේ දැඩි විරෝධතා මතයි. නමුත් තේරීම් කමිටුව පැවසුවේ ඔහු අමතර ආරම්භක පිතිකරුවකු ලෙස මේ තරගාවලියට එක් කරගන්නා බවයි. නමුත් ඔහු ඊයේ තරගයට ක්‍රීඩා කලද පිතිකරණයට පැමිණියේ අංක අට පිතිකරුවා ලෙසයි. ඔහු පන්දු 18කදී ලකණු 12ක් රැස් කලේ ශ්‍රී ලංකාවට වේගයෙන් ලකණු රැස් කල යුතු අවස්ථාවෙයි.

එමෙන්ම තරග කිහිපයකදී ආරම්භක පන්දු යවන්නා ලෙස දක්ෂතා දක්වා සිටි ධනංජය ලක්ශාන්ට මේ තරගයේදී පන්දු යැවීමට අවස්ථාව නොදුන් අතර, කණ්ඩායම් කළමනාකාරීත්වය නායකයාට උපදෙස් ලබා දී තිබුනේ විවාදයට තුඩු දුන් සංතුෂ් ගුණතිලක පන්දු යවන්නෙකු ලෙස භාවිතා කරන ලෙසයි. ඔහු ක්‍රියාත්මක කල පන්දු වාර 8 තුලදී ඇෆ්ඝනිස්ථානය ක්‍රීඩකයින් කිසිදු කඩුල්ලක් නොදී ලකුණු 40ක් රැස්කරගැනීමට සමත් වුනා.

මේ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් 5දෙනකු නම් කර තිබුනත් භාවිතා කලේ පන්දු යවන්නන් සිව් දෙනකු පමණයි.

එමෙන්ම කිසිදා ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කර නැති නිපුන් ධනංජය ආරම්භක පිතිකරුව ලෙස පිටියට යැවීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගත් අතර ඔහුට රැස් කිරීමට හැකි වුනේ ලකුණු 4ක් පමණයි. මේ වැරදි තීරණය කණ්ඩායම් බලධාරීන් ගෙන තිබුනේ ආරම්භක පිතිකරුවා ලෙස කණ්ඩායමට එක් කර සිටි සංතුෂ් ගුණතිලක කණ්ඩායම තුල සිටියේදී.

එමෙන්ම සිනහවට කාරණය වන්නේ දක්ෂතා අතර සිටි හසිත බෝයගොඩ මේ තරගයෙන් ඉවත් කර තිබීමයි. ජාතික කණ්ඩායම බංග්ලාදේශයට ගොස් සිටියදී නවසීලන්තයට ගිය තේරීම් කමිටු ප්‍රධානි ග්‍රැහැම් ලැබ්රෝයිද සිටියේදී මේ විකාර තේරීම් සිදු වීම සිනහවට කාරණයක්.

කෙසේ වුවත් තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ලැබ්රෝයි හදිස්සියේ නවසීලන්තයට යාමට තීරණය කලේ එහි අධ්‍යාපන කටයුතු කරන සිය පුත්‍රයා බැලීමට බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *