Jan 03

ශ්‍රී ලංකාවේ සමලිංගිකයින් ගැන අලුත් හෙළිදරව්වක්

sri-lanka-gay-case
ඒ අතර ඒඩ්ස් රෝගීන් 280ක්.

ශ්‍රී ලංකාවේ මේ වන විට හඳුනාගත් සමලිංගික පිරිමින් හත්දාස් පන්සියයක් පමණ සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ වාර්තා සඳහන් කරනවා.

සැක සහිත පුද්ගලයන් ලක්ෂ 12කගේ පමණ රුධිර සාම්පල පරික්ෂා කළ බවත් ඒ අතරින් ඒඩ්ස් ආසාදිතයින් 280 දෙනෙකු පමණ වාර්තාවූ බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස වාර්තාවූ ඒඩ්ස් ආසාදිතයින් අතරින් කාන්තාවන් , පුරුෂයන් හා ළමා රෝගීන් සිටි බවත් ඉන් වැඩි පිරිසක් සමලිංගික පිරිමින් බවයි වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

කොන්ඩම් භාවිත නොකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවලියේ යෙදීම සමාජ රෝග පැතිරීමට ප්‍රධාන හේතුවක් බව වැඩිදුරටත් පෙන්වා දෙන වෛද්‍ය සිසිර ලියනගේ මහතා මීට අමතරව සිපිලිස් , ගොනෝරියා , රෝගීන්ද හමුවූ බවත් පැවසුවා.

ඒඩ්ස් සහ විවිධ සමාජ රෝග වැළඳුණු රෝගීන්ගේ වැඩිම පිරිසක් කොළඹ , ගම්පහ , ගාල්ල, කළුතර, කුරුණෑගල, යන දිස්ත්‍රික්කවලින් වාර්තාවූ බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *