Feb 10

පන්දු යවන්නන්ගේ පාරදීසියේ ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට දැවැන්ත ඉල්ලකයක්…

sri-lanka-on-top-in-day-03
රොෂේන් යලි සිය යුතුකම ඉටු කරයි
බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වනවිට ශ්‍රී ලංකා දෙවන ඉනිම සටහන් වුනේ කඩුළු 8ක් දැවී ලකුණු 200ක් ලෙසයි.

යලි ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සිය කරට ගත් රොෂේන් සිල්වා තුන්වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 58ක් රැස්කලා.

දිමුත් කරුණාරත්න ලකුණු 32යි.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 30යි.

ධනංජය ද සිල්වා ලකුණු 28යි.

පන්දු යැවීමේදී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුළු 3ක් දවාගත්තා.
පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව ලකුණු 222ක් රැස්කල අතර බංග්ලාදේශය පළමු ඉනිමේදී ලකුණු 110කට දැවී ගියා.

මේ අනුව පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බදු ෂරේ බංගලා තණතීරුවේ ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 312ක් ඉදිරියෙන් සිටින්නේ කඩුළු 2ක් අතැතිවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *