Jan 29

තුන්කොන් එක්දින තරගාවලියේ ජය ලංකාවට

sri-lanka-series-win

තුන්කොන් එක්දින තරගාවලියේ ජය ලංකාවට

බංග්ලාදේශය සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවති  තුන්කොන් එක්දින තරගාවලියේ කුසලානය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් මහ තරගයේදී ලකුණු 79ක ජයක් වාර්තා කරමිනි.
ලකුණු 221ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට වාර්තා කළ හැකිවූයේ
ලකුණු 142ක් පමණි. .

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් ෂෙහාන් මධුශංක මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් වාර්තා අතරට එක්විය.2016 ට පසු වසර දෙකකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාව ජය ගත්තේ අදයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *