Dec 27

ඩැරල් හෙයාර් මුරලිව අගෞරවයට පත් කළා ස්‌ටීව් වෝ කියයි

Steve Waugh

මීට දශක දෙකකට පෙර එනම් 1995 දී බොක්‌සිං දින ටෙස්‌ට්‌ තරගයේදී මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඔස්‌ටේ්‍රලියානු විනිසුරු ඩැරල් හෙයා සංඥා කළේ මුරලිව අගෞරවයට පත්කිරීමට බව හිටපු ඔස්‌ටේ්‍රලියානු නායක ස්‌ටීව් වෝ සඳහන් කරයි. එම තරගයට ක්‍රීඩා කළ ස්‌ටීව් වෝ ඔස්‌ටේ්‍රලියානු මාධ්‍ය හමුවේ මෙම අදහස්‌ පළ කර සිටියේය.

”මම හිතන්නෙ ක්‍රීඩකයකුට එසේ නොවිය යුතුයි. මුරලිට වුණ දේ ටිකක්‌ අසාධාරණයි. ඔහුව අගෞරවයට පත්කරන්න තමයි ඩැරල් හෙයාර් එහෙම කරන්න ඇත්තෙ. මුරලිගෙ පන්දු යෑවීමේ විශේෂත්වයක්‌ තිබුණනම් එය තරගයට පෙර විසඳා ගන්න තිබුණා.” යනුවෙන් ස්‌ටීව් වෝ සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *