Jan 01

ස්‌ටීවන් ස්‌මිත් ශතකයකින් 2017 අවසන් කරයි

Steven Smith finishes 2017

අවසන් වූ 2017 වසරේ ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිටියේ පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ඔස්‌ටේ්‍රලියානු නායක ස්‌ටීවන් ස්‌මිත් සමත් විය. ස්‌ටීවන් ස්‌මිත් දැන් ක්‍රියාත්මක අළු බඳුන ටෙස්‌ට්‌ තරගාවලියේ සිව්වැනි ටෙස්‌ට්‌ තරගයේ දෙවැනි ඉනිමේදී ලබාගත් ශතකයත් සමග 2017 වසරේදී ශතක හයකට හිමිකම් කියයි.

ස්‌මිත් ටෙස්‌ට්‌ තරග 11 කදී ශතක 6 ක්‌, අර්ධ ශතක තුනක්‌ සමග මුළු ලකුණු 1305 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 76.76 ක්‌ ලෙස සටහන් වේ. අදාළ ලැයිස්‌තුවේ දෙවැනි තැන ඉන්දියාවේ චෙස්‌ටවර් පුජාරා (1140) පසුවන අතර තෙවැනි තැනට දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගාර් (1128) පත්ව තිබේ. සිව්වැනි තැන ඉන්දියාවේ විරාට්‌ කෝලි (1059) පත්ව ඇති අතර පස්‌වැනි තැනට ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න (1031) සහ හය වැනි තැනට දිනේෂ් චන්දිමාල් (1003) පත්ව තිබේ.

2017 වසරේ වැඩිම ටෙස්‌ට්‌ කඩුලු ලාභියා බවට ඔස්‌ටේ්‍රලියාවේ නේදන් ලයන් (63) පත්වූ අතර දෙවැනි තැන දකුණු අප්‍රිකාවේ කාගිෂෝ රාබඩා (57) පත්ව තිබේ. ඉන්දියාවේ රවීචන්ද්‍රන් අහ්වින් කඩුලු 56 ක්‌ ලබා තෙවැනි තැනට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ රංගන හේරත් ඉකුත් වසරේදී කඩුලු 52 ක්‌ ලබා ගනිමින් හයවැනි තැනට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *