Jan 06

රෑට කන්න විතරක් සල්ලි දීලා.. ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලොකු පොල්ලක් – Photos

t-10-cricket
ක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති T10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රි ලංකා කණ්ඩායමක්ද සහභාගී කරවීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

නමුත් එම තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින්ට මෙතෙක් ක්‍රිකට් ආයතනය කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

එම තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට කාණ්ඩ 4 ක් යටතේ ගෙවීම් සිදුකළ අතර ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ට හැර තරගාවලියට එක්වූ අනෙකුත් සෑම ක්‍රීඩකයෙකුටම එම මුදල් ලැබී තිබෙනවා.

මෙම තරගාවලියේ සෑම කණ්ඩායමකම සුපිරි ක්‍රීඩකයෙක් තෝරා ගත් අතර එම ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 40,000 ක මුදලක්ද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට ඩොලර් 35,000 ක මුදලක්ද ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකුට ඩොලර් 25,000 ක මුදලක්ද දේශිය තරගාවලිය සඳහා පමණක් එක්ව ඇති ක්‍රීඩකයින්ට ඩොලර් 15,000 ක මුදලක්ද ලබා දී තිබෙනවා.

නමුත් ශ්‍රි ලංකාවෙන් එක්වූ ක්‍රීඩකයන්ට රාත්‍රි ආහාරය සඳහා ලැබෙන සුළු දීමනාවක් පමණක් ලබා දීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම ප්‍රශ්නයට තුඩු දෙන කාරණාවක්.

මේ තරගාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමට අනුග්‍රාහකයින් 8 දෙනෙකු පමණ සිට ඇති බවත් ඔවුන්ගෙන් විශාල මුදලක් ක්‍රිකට් ආයතනය උපයා ඇති බවයි වාර්තා වන්නේ.

මේ තරගාවලියට එක්වූ සෑම කණ්ඩායමකටම අයිතිකරුවෙකුද සිටි බවයි ක්‍රීඩකයින් පවසන්නේ.

මේ තරගාවලියට එක්වූ ශ්‍රි ලංකා කණ්ඩායම වන්නේ නායක දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය , අලංකාර අසංක, වනිඳු හසරංග, කසුන් මධුෂංක, සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *