Dec 27

Pond’s Institute පළමු වරට ලෝකයේ නවීනතම Face Care තාක්‍ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Technology in Sri Lanka

Pond’s Institute පළමු වරට ලෝකයේ නවීනතම Face Care තාක්‍ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය.මේ වන විට ටෝකියෝ, මැඩ්රීඩ්, නිව්යෝර්ක්‌, කරච්චි, ශැංහයි සහ මැනිලා වැනි ලෝකයේ ප්‍රධාන නගරවල Pond’s Institute පිහිටුවා ඇති අතර, එම ආයතනවල කටයුතු සිදුවන ආකාරය සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදුකෙරිණි.

ලෝකයේ රටවල් 56 ක විද්‍යාඥයන් 700 කට අධික පිරිසක්‌ Pond’s Institute ආයතනයේ චර්ම සත්කාර නිෂ්පාදන තාක්‍ෂණයෙන් සහ වෙළෙඳ පොළේ පුරෝගාමී සොයා ගැනීම් සඳහා දායක වී ඇත.

මිනිසුන්ගේ එකිනෙකට වෙනස්‌ සම් වර්ග හඳුනා ගැනීම, සම සම්බන්ධ සාධක පුද්ගලයන්ගේ ජීවිතවලට බලපාන ආකාරය වටහා ගැනීම සහ සම වඩාත් යහපත් කිරීම සඳහා සායනකිව තහවුරු කරන ලද සංයෝග නිපදවීම යනාදිය එම ආයතනයේ මූලික අරමුණ වෙයි.

‘ මේ වන විට Pond’s Institute ආයතනය පේටන්ට්‌ බලපත්‍ර සියයකට අධික සංඛ්‍යාවක්‌ හිමිකරගෙන සිටිනවා. ආසියානු කලාපයේ පුද්ගලයන්ගේ සමට ගැළපෙන නිර්මාණශීලී හා පුරෝගාමී නිෂ්පාදන රැසක්‌ වෙළෙඳ පොළට හඳුන්වාදීමට ආයතනය සමත් වී තිබෙනවා. ඉදිරියේදීත් සම සම්බන්ධ පුරෝගාමී විසඳුම් හඳුන්වාදෙමින් ලෝකයේ චර්ම සත්කාර සම්බන්ධ ප්‍රමුඛයා ලෙස දිනාගෙන සිටින කීර්තිනාමය තවදුරටත් නොවෙනස්‌ව පවත්වාගෙන යැම අපගේ අරමුණ යෑයි’ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි කළමනාකාරිනි (චර්ම සත්කාර හා හිසකෙස්‌ සත්කාර නිෂ්පාදන) නිලුෂි ජයතිලක මහත්මිය පැවැසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *