Jan 06

ලොව ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට ගිය තනුවක ජනපති හමුවෙයි – Photos

thanuwaka-serasinghe

පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවා අද (05) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා.

සිය දෙමව්පියන් සමග සීෂෙල්ස් හි පදිංචි මෙම දරුවා “Junk Food” නැමති ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.

මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයක්.

දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක් ද පිළිගැන්වූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළා.

සීෂෙල්ස්හි ශ්‍රී ලංකා තානාපති ටිකිරි හේරත් ගුණතිලක මහතා සහ දරුවාගේ දෙමව්පියන් වන තුසිත සේරසිංහ, අප්සරා සේරසිංහ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *