Dec 29

භූතාන රජ පවුල ගංගාරාමයේදී ආගමික වතාවත් ඉටු කරති

The Bhutanese family also performs

අකිත පෙරේරා

පෞද්ගලික සංචාරයක්‌ සඳහා දිවයිනට පැමිණ සිටින භූතාන රජ පවුල ඊයේ (28 දා) පෙරවරුවේ කොල්ලුපිටිය ගංගාරාමයට ගොස්‌ ආගමික වතාවත්වල නිරත වූහ.

භූතානයේ කිරුළ හිමි අති උතුම් ජිග්මි ජිග්ටන් වැන්ග්චක්‌ කුමරු සහ කුමරුගේ මව වන ඩෝරි ජී වැන්ග්චක්‌ රැජින ආශි සොනම් ඩෙකෑන් වැන්ග්චක්‌ කුමරිය ඇතුළු රාජකීය පිරිස ගංගාරාමයට ඊයේ පැමිණි අවස්‌ථාවේ ජයසක්‌ බෙර හඬ මධ්‍යයේ මල් වට්‌ටියක්‌ දී පිළිගනු ලැබුවේ ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥනිස්‌සර නාහිමිපාණන් විසිනි.

විහාර භූමිය සහ බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥනිස්‌සර හිමිපාණන් විසින් කෙටි අනුශාසනාවක්‌ පවත්වා ආශිර්වාද පිරිත් සඡ්Cධායනාවක්‌ද පවත්වනු ලැබූහ.

එවකට සිටි භූතාන රජු ගංගාරාම විහාරයට පැමිණ එහි බෝධීන් වහන්සේ නැවත රෝපණය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ සිය කෘතඥතාව පළ කළහ. තවද එම රජ පවුල සහ ළදරු වයිරොස්‌තානා ටෲලෝකු ජිග්මි ජින්ටන් වැන්ඩ් චක්‌ රජ කුමරු සතු බව කියන අසාමාන්‍ය ශක්‌තීන් පිළිබඳවද ඥනිස්‌සර හිමියන් විසින් විස්‌තර කරන ලදී.

භූතාන රජ පවුල වෙනුවෙන් සංස්‌කෘතික අංග රජයකින් සමන්විත නර්තන රැසක්‌ද එහිදී පැවැත්විණි. මෙම අවස්‌ථාව දැක බලා ගැනීමට තානාපති නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්‌පති, ගංගාරාම විහාරස්‌ථානයේ දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක්‌ද පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *