Dec 25

නත්තල අසිරිමත් කළ අකාලික සාම දර්ශනය

සාමයේ ප්‍රශස්‌ත බව දැක්‌වෙන ඡේසුතුමන් විසින් දේශිත කන්ද උඩ දේශනාවේ සඳහන් කොටසක්‌ මෙහි දැක්‌වීම කාලෝචිත වේ. “මෘදු සිත් ඇත්තෝ ආශිර්වාද ලද්දොaය. මක්‌නිසාද යත් ඔවුහු පෘථිවියේ උරුමක්‌කාරයෝ වන්නා හ.” භෞතික හා බුද්ධිමය සියලු සම්පත් කොල්ලකා ගැනීමේ නිරන්තර සටනක යෙදී සිටින වත්මන් මිනිසා අතිශයින් ම වියරුව ඉතා සාහසික වී ඇත. ඔවුහු එකිනෙකා ඇන කොටා ගනිමින් විනාශ වෙති. මේ වැනි අවධියෙක කලකෝලාහලයන් ගෙන් බැහැර වී සිටින්නේ මෘදු සිත් සතන් ඇති කරුණාවන්ත, දයාවන්ත ටික දෙනා පමණි. ඉතිරි වන වෙනත් අයිතිකරුවන් නැති නිසා පෘථිවියේ අයිතිකරුවන් වීමේ උරුමය ලබන්නේත්, අලුත් සභ්‍යත්වයක ආරම්භකයන් වන්නේත් මේ ටික දෙනා ය.

සෑම වසරකම දෙසැම්බර් මස 25 වැනි දිනට යෙදෙන නත්තල් උත්සවය, ලොව පුරා පවත්වනු ලබන උත්සව අතරින් ප්‍රධාන ස්‌ථානයක්‌ හිමිකර ගනී. මේ උත්සවය සමරන බහුතරයක්‌ විවිධ රටවල විසිරී සිටින කිතුනු බැතිමතුන් වන අතර, කිසිදු ආගමික ආනතියකින් තොරව මේ උත්සවය සමරන්නෝද බොහෝ වෙති. වසර 1505 දී ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගීසින් විසින් ඒ වසරේදීම, ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී නත්තල් උත්සවයක්‌ පවත්වනු ලැබීය. ඒ මෙන්ම, “නත්තල් යන වචනය ද පෘතුගීසි භාෂාවේ “නටාල්” යන වචනයෙන් බිඳී ආවකි. නටාල් යන පෘතුගීසි වචනයේ සිංහල තේරුම “උපත” යන්න ය. නත්තල් උත්සව සන්දර්භයේදී මෙය “ඡේසුතුමන්ගේ මහා උප්පත්තිය” යනුවෙන් අර්ථවත් වේ.

මීට අවුරුදු දෙදහසකටත් එපිට කලේකදී, බෙත්ලෙහෙමේ, ගව ලෙනක්‌ ඡේසු බිලිsඳුන්ගේ උපත සිදුවූ බව වාර්තාගතය. මෙසේ ඡේසු බිලිsඳුන් ගව ලෙනක උපත ලද බව වාර්තාවීමෙන් උන්වහන්සේ දැඩි දරිද්‍රතාවෙන් පෙළුණු පවුල් පසුබිමෙක උපත ලද්දෙකැයි කෙනෙකුට සිතන්නට අවකාශ නැත්තේ නොවේ. එබැවින් ඡේසු බිලිඳුන් ගව ලෙනක උපත ලැබීමෙන් සංකේතාත්මකව අර්ථ වන්නේ කුමක්‌දැයි මෙහිදී විමසා බැලීම යෝග්‍ය වේ. සැබවින්ම මෙයින් පිළිබිඹු වන්නේ ආටෝපයෙන් තොර අනතිමානී ගුණයෙකි.

පෙරදිග සංස්‌කෘතියේදී ගව මහිෂාදි සම්පත් සෞභාග්‍යය ප්‍රකට කරවන සංකේතයෝ වෙති. ඒ සම්පත් ඇසුරෙන් ප්‍රවාහන පහසුව, කිරි, වෙඬරු ආදී පෝෂණ ආහාර ලාභය, පෝර මගින් ධාන්‍ය විපුලත්වය වැනි සම්පත් ගම්‍යමාන වේ. ධනය යන වචනය පවා සෑදී ඇත්තේ “ධාන්‍ය” යන වචනය මුල්කර ගෙන බැවින් මේ සෞභාග්‍යය සංකල්පය වඩාත් අර්ථාන්විතව තහවුරු වේ. කෙටියෙන් කියතොත්, නාගරීකරණයේ පුහු ආටෝපයෙන් තොරව, යහපත් සාමාජික දිවියක්‌ පහසුවෙන් ගත කිරීමට අවශ්‍ය සම්පත් මේ පරිසරය තුළ තිබූ බව මේ අනුව සිතාගත හැකිය. සැබැවින්ම ආධ්‍යාත්මික ප්‍රවර්ධනයක්‌ ඇති කළ හැක්‌කේ දරිද්‍රතාවෙන් අධික ලෙස පෙළුණු සමාජයක නොවන බව මෙහි නිරූපිත තාර්තික යථාර්ථයයි. එසේ වුවද මේ සමාජයේ දුප්පත් පොහොසත් පරතරයක්‌ නොපැවැති බවක්‌ මෙයින් අදහස්‌ නොකෙරේ.

නත්තලෙහි අභිෂ්ඨාර්ථය වන්නේ ඡේසුතුමන් විසින් දේශනා කරනු ලැබූ කරුණාව, දයාව හා සාමය වැනි අතිමානුෂ ගුණාංගයන් වර්ධනය කිරීම හා ඒ ගුණධර්ම පතුරුවා හැරීමය. නත්තලෙහි තේමා පණිවිඩය වන්නේද සාමයයි. ඡේසුතුමන් “සාමයේ කුමරා” යනුවෙන් විරුදාවලී ලදුයේ ද මේ නිසාය. නත්තල නිමිතිකොට සාමය පතුරුවන්නේ තමනට ඇති සම්පත් අසරණ අය සමඟ බෙදා හදා ගැනීමෙනි. මෙය ඈත අතීතයේ සිටම පැවත ආ කිතුනු සාරධර්මයකි. දුප්පත් පොහොසත් පරතරය ලොව සෑම දෙකම විවිධ ප්‍රතිශතයන්ගෙන් විද්‍යාමාන වේ. ඡේසුතුමන් විසින් දේශනාකරනු ලැබූ කරුණාව, දයාව හා සාමය වෙසෙසින්ම ප්‍රායෝගික අවශ්‍යතාවක්‌ වන්නේ මෙවැනි ඇති නැති පරතරයක්‌ පවතින සාමාජික සන්දර්භයක්‌ තුළය. මේ කිතුනු සාම සංකල්පයේ වැදගත්කම වඩාත් හොඳින් වටහා ගත හැකි වන්නේ ඇති නැති පරතරය නැති කිරීම සඳහා කාල් මාක්‌ස්‌ වැනි භෞතිකවාදීන් ඉදිරිපත් කළ ලේ හලන විප්ලවීය ක්‍රියා මාර්ගය හා සස¹ බැලීමෙනි.

නත්තල් දිනයට පමණක්‌ සීමාවූ, තාවකාලික සමාදානයක්‌ පිළිබඳ අපූර්ව ඓතිහාසික පුවතක්‌ මෙහිදී සටහන් කිරීම වැදගත්වේ. අවුරුදු සයක පමණ කාල පරාසයක්‌ තිස්‌සේ විහිදී පැවැති දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඉංගිරිසි හා ජර්මන් සෙබලුන් එකම සටන් බිමෙ, දෙපැත්තේ තනා තිබූ කාණු තුළ සැඟවී සිට එකිනෙකාට වෙඩි තබා ගත්හ. එහෙත් නත්තල් දිනයේදී පමණක්‌ ඔවුහු සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කළහ. නත්තල් දිනයේදී කලින් මෙසේ වෙඩි හුවමාරු කරගත් ජර්මන්-ඉංගී්‍රසි සොල්දාදුවන් දෙගොල්ලම කාණුවලින් එළියට පැමිණ, ඔවුනොවුන් මුණගැසී කතා බස්‌ කළ අතර තම දරුවන්ගේ හා භාර්යාවන්ගේ ඡායාරූප තම සාක්‌කුවලින් එළියට ගෙන පෙන්වමින් එකිනෙකා වැළඳගෙන හඬ වැළපුණ බව පශ්චාත් ලෝක සංග්‍රාම වාර්තාවන්හි සඳහන් වේ. නත්තල්දිනය ගෙවීගිය පසු යළිත් පෙර සේම යුද ගිනි ඇවිලිණි.

බයිබලයේ සඳහන් පරිදි සාමය යනු යුද්ධයෙන් තොරවීම පමණක්‌ නොවන බව පසක්‌ කර ගැනුමට ඉහත දැක්‌වූ සිද්ධියෙන් නොමඳ පිsටිවහලක්‌ ලැබේ. සාමය යන සංකල්පය දැක්‌වීම සඳහා හෙබ්‍රව් භාෂාවේ සඳහන් වන “ෂලොමි” යන වචනයෙන් අර්ථවත් වන්නේ, සඵලත්වය, සම්පූර්ණ තත්ත්වය, ශාන්තිය හා යහපත් බව යන සංකීර්ණ වූ ආධ්‍යාත්මික මනෝ භාවයන්ය.

තවදුරටත් සාමය පිළිබඳව අර්ථ නිරූපණයෙහි යෙදෙන බයිබලය, සාමය සිරස්‌ අතට හා තිරස්‌ අතට විහිද යන්නක්‌ බව පැහැදිලි කරයි. සිරස්‌ අතට විහිදෙන සාමයෙන් අදහස්‌ වන්නේ මිනිසා සහ දෙවියන් අතර ඇතිවන සාම සබඳතාවයි. එය ඉහළ සිට පහළ සම්බන්ධ කරන්නා වූ සාමය ලෙස ද හැඳින්වීමට පුළුවන. තිරස්‌ අතට විහිදෙන සාමය යනු මිනිසා තමා අතරත්, මිනිසා සහ මිනිසා අතරත් ඇතිකර ගන්නා ආධ්‍යාත්මික හා සහනශීලතා සම්බන්ධතාවන් ලෙස අර්ථ නිරූපණය කළ හැකිය.

තිරස්‌ අතට ඇතිවන සාමය පැහැදිලි කිරීමට බයිබලයේ එන “පව් කාරියට ගල් ගැසීම” පිළිබඳ පුවත කදිම නිදසුනෙකි. දිනක්‌, අනාචාරයේ හැසිරුණු ස්‌ත්‍රියක්‌ රැගත් පිරිසක්‌ ඡේසුතුමන් වෙත පැමිණ “මෑ අනාචරයෙහි යෙදුණාය. අපේ නීතියේ හැටියට මැය ගල් ගසා මැරිය යුතුය. මේ ගැන ඔබ කුමක්‌ කියන්නෙහිදැයි ඔවුහු ඡේසුතුමාගෙන් විචාලය” පව් නොකළ කෙනෙක්‌ පළමුවැනි ගල ගසන්න යෑයි උන්වහන්සේ පිළිතුරු දුන්හ. ගල් ගැසීමට පැමිණ සිටි පරිස ටිකෙන් ටික එතැනින් ඉවත්ව ගියහ. මෙහිදී ඡේසුතුමන් අවාචකව නිකුත් කළ දාර්ශනික පණිවිඩය අතිශයින්ම වැදගත් වේ. එ නම් අනුන් හැදීමට පෙර තමා නිවැරදි සම්මතෙහි පිහිටිය යුතු බවය.

මෙහිදී සිංහලයේ මහා කාව්‍ය දෙකින් එකක්‌ වූ කව් සිළුමිණෙහි එන අනගි උපදේශාත්මක කවක්‌ උපුටා දැක්‌වීම ද ප්‍රයෝජනවත් වේ.

“තමා වරදස නොදිස්‌නේ මෙරමා දොස්‌ම දිස්‌නේ

නුවන් බැහැර නහමත් තමා මුත් නොදක්‌නේ කිම්”

මෙහි සරල තේරම නම්, තමාගේ වැරදි නොදැක, අනුන්ගේ වැරැදි සොයනු වෙනුවට තමාගේම වැරදි විමසීම යෝග්‍ය බවය. මේවා යහපත් සමාජයක්‌ ගොඩනැඟීමේ මංපෙත් හෙළි පෙහෙළි කරන අගනා ආප්තයන් වේ.

සමාජයේ කු=ඩාම තැනුම් ඒකකය වනුයේ පවුලයි. වර්තමානයේදී පවුලේ සමගියට එල්ල වී ඇති දැවැන්ත තර්ජනයක්‌ නම් පරම්පරා පරතරයයි. පරම්පරා පරතරය යනු මාපිය, දූ දරු පරම්පරා අතර ඇති චින්තන දහරාවේ නිරන්තරයෙන් පවතින ධ්‍රැවායනය හෙවත් දුරස්‌ථභාවය යි. මේ පරම්පරා ගැටුමට පාදක වන මූලික හේතුවද මෙය වේ. දෙමාපියන් තුළ දරුවන් කෙරෙහි පවතින්නේ ජානගත සෙනෙහසෙකි. ක්‍රිස්‌තු ධර්මයේ එන දස පනතේ zදෙමාපියන්ට සංග්‍රහ කරවZ යන ශීලධර්ම පනතට පමණක්‌ දරුවනට ප්‍රතිලාභයක්‌ එක්‌ කොට තිබේ. මෙහිදී දෙමාපියන්ට සංග්‍රහ කිරීමෙන් ආයුෂ දීර්ඝ වන බව පවසා ඇත. සෙසු පනත් නවයටම එවැනි ප්‍රතිලාභයක්‌ අත්වන බවක්‌ පවසා නැත. මාපිය උපස්‌ථානය ඉතා ශ්‍රේෂ්ඨ බව මෙයින් මැනෙවින් පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ විසූ අතිශය සම්භාවනීය දාර්ශනිකයකු වූ ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා පැවසුවේ මේ පරම්පරා ගැටුම දැන් සිවිල් යුද්ධයක්‌ ලෙස මුළු ලොව පුරාම පැතිරී ඇති බවය. මේ පරම්පරා පරතරය සංසිඳුවීමට ඉහත දක්‌වන ලද උපදේශනයන් අගනා ප්‍රායෝගික දායකත්වයක්‌ ලබා දෙන බව සැලකිය යුතු වේ.

සාමයේ ප්‍රශස්‌ත බව දැක්‌වෙන ඡේසුතුමන් විසින් දේශිත කන්ද උඩ දේශනාවේ සඳහන් කොටසක්‌ මෙහි දැක්‌වීම කාලෝචිත වේ. “මෘදු සිත් ඇත්තෝ ආශිර්වාද ලද්දොaය. මක්‌නිසාද යත් ඔවුහු පෘථිවියේ උරුමක්‌කාරයෝ වන්නා හ.” භෞතික හා බුද්ධිමය සියලු සම්පත් කොල්ලකා ගැනීමේ නිරන්තර සටනක යෙදී සිටින වත්මන් මිනිසා අතිශයින් ම වියරුව ඉතා සාහසික වී ඇත. ඔවුහු එකිනෙකා ඇන කොටා ගනිමින් විනාශ වෙති. මේ වැනි අවධියෙක කලකෝලාහලයන් ගෙන් බැහැර වී සිටින්නේ මෘදු සිත් සතන් ඇති කරුණාවන්ත, දයාවන්ත ටික දෙනා පමණි. ඉතිරි වන වෙනත් අයිතිකරුවන් නැති නිසා පෘථිවියේ අයිතිකරුවන් වීමේ උරුමය ලබන්නේත්, අලුත් සභ්‍යත්වයක ආරම්භකයන් වන්නේත් මේ ටික දෙනා ය.

ඡේසුතුමන්ගේ නත්තල් පණිවිඩය සිහිපත් කරවන, දහ අට වැනි සියවසෙහි එංගලන්තයේ විසූ සුප්‍රකට ඉංග්‍රීසි කවියකු වන ලේ හන්ට්‌  විසින් රචනා කරනු ලැබූ ජගත් සම්භාවනාවට පාත්‍ර වූ zආබූ බෙන් ආදම්Z පද්‍ය පන්තියේ අර්ථ සාරය මෙහිදී සනිටුහන් කිරීම ද බෙහෙවින් ම ප්‍රයෝජනවත් වේ.

ඒ මෙසේය. සාමයේ ආනන්දනීය සිහිනයක්‌ දැක නින්දෙන් පිබිදුනු ආබූ සිහින් සඳ රැසින් නැහැවුණු සිය යහන් ගැබේ පසෙක, සුදුÊනෙළුමක පැහැ ගත් සුර දූතයකු රුවන්මය පොතේ යමක්‌ ලියමින් සිටිනු දැක “ඔබ ලියන්නේ කුමක්‌දැ”යි ඔහුගෙන් විමසීය. මුදු සරින් පිළිතුරු දුන් හෙතෙම තමා දෙවියන්ට ප්‍රේම කරන්නවුන් ගේ අනුක්‍රමික නාමාවලියක්‌ සකසමින් සිටින බව කීවේය. මගේ නම එහි වේ දැයි ආබූ ඇසූ විට දුරදූතයා “ඔබේ නම මෙහි නැතZZ යනුවෙන් පිළිතුරු දුන්නේය. ආබූ යළිත් මුදු බසින් තමා දෙවියනට යාCඳා කරන අතර තම සහචරයනට (අසලවාසීනට) පෙම් කරන බව ද කියා සිටියේය. මෙය අසා සුර දූතයා පසුව අතුරුදන් වී ය. පෙර සේම, දෙවැනි දිනයේදීත් පැමිණි සුර දූතයා තමා සැකසූ අලුත් නාමාවලිය ආබූහට පෙන්වීය. ඒ ලැයිස්‌තුවේ ආබූගේ නම මුලටම සටහන් වී තිබිණි. ඡේසු තුමන්ගේ දර්ශනාත්මක ඔවදන, ලේ හන්ට්‌ විසින් ඉතා චමත්කාරජනක ලෙස මෙසේ කවියට නඟන ලදී. එය සැමට සැප එළවන සුලුයි.

ඔබ සැමට සුබ නත්තලක්‌ වේවා.

Ö ශාස්‌ත්‍රපති රාඡේන්ද්‍ර අල්විස්‌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *