Apr 13

ත්‍රිරෝද රථ සඳහා මැයි 20දා සිට මීටර් අනිවාර්යයි

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරිම ලබන මැයි 20ඳා සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ඡාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේය.
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සව් කිරීම ගිය වසරේ. අනිවාර්ය කළද ත්‍රිරෝද රථ හිමියන්ට මාස 6ක
සහන කාලයක් ලබාදුන් බවත් පැවසූ සභාපති වෛද්‍ය කෝදාගොඩ මහතා එම සහන කාලය අප්‍රේල් 01 වැනිදා අවසන් වුවද මිටර් සවි නොකළ ත්‍රිරෝද

රථ සඳහා තවත් මාසයක පමණ සහන කාලයක් ලබාදී මැයි 20දා සිට මීටර් අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවද කීය.
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර අනිවාර්ය කළ පසු ත්‍රිරෝද රථයේ ගමන් කරන මගියාට රිසිට් එකක් නිකුත් කළ යුතු බවද සභාපතිවරයා පැවැසීය.
දැනට රට පුරා ත්‍රිරෝද රථ එකළොස් ලක්ෂ පනස් දහසක් පමණ පවතින අතර ඉන් මගී ප්‍රමාණයේ යෙදෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ හතහමාරක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *