Mar 23

සවුදියේ සල්ලි වලට ට්‍රම්ප්ටත් වහ වැටිලා

අමෙරිකාවේ සංචාරයේ නියුතු සවුදි අරාබියේ මහමඩ් ඉබින් සල්මාන් කුමරු ප්‍රථම වතාවට ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව මුණ ගැසී ඇත. ‘සවුදි අරාබිය බොහොම ධනවත් රාජ්‍යයක්. ඔවුන්
තමන්ගේ ධනයෙන් කොටසක් ඇමෙරිකාවට දෙන්න හදන්නේ. බොහෝ විට රැකියා ලෙසත්, ලෝකයේ තිබෙන අති දියුණු ආරක්ෂක උපාංග මිලදී ගැනීම් ලෙසත් ධනය ලබා දේවි යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බව වාර්තා වේ.

මෙහිදී සවුදි අරාබිය සහ ඇමෙරිකාව අතර ඓතිහාසික සම්බන්ධතා සිහි කිරීමට සවුදි කුමාරය කටයුතු කර ඇත.
“මැද පෙරදිග සහ ඇමෙරිකාව අතර සම්බන්ධව ඉතා පැරණියි. දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක අංශ වලින් අපේ රටවල් අතර සබදතාව වසර 80ට වඩා වැඩියි. යනුවෙන් සල්මන් කුමරු පවසා ඇත.

ට්‍රම්ප් සවුදි අරාබිය සමග පවත්වන සබදතා ඔහු බලයට පත්වීමේදී දුන් පොරොන්දු අමතක කිරීමක් බව දක්වමින් විරෝධතා ව්‍යාපාරයක්ද ඇමරිකාවේ පැවැත්විණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *