Dec 21

ඉන්දියානුවෝ විස්‌සෙනුත් ශ්‍රී ලංකාව ‘අඹරති’

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිති ප්‍රහාරය හමුවේ ජවය ලද ඉන්දියාව දෙරට අතර පැවැති පළමු විස්‌සයි විස්‌ස තරගයෙන් ලකුණු 93 ක ජයක්‌ ලැබීමට ඊයේ (20 දා) සමත් විය. එAත් සමගම තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් තිසර පෙරේරාගේ ඇරයුමෙන් ඉන්දීය පිළ කඩුලු තුනක්‌ දැවී රැස්‌කරන ලද ලකුණු 180 ක ඉලක්‌කය හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 16 කදී සියල්ල දැවී රැස්‌කරගත හැකිවූයේ ලකුණු 87 ක්‌ පමණි.

උපුල් තරංගගේ කඩුල්ල දවාගනිමින් උත්සාහවන්ත පන්දු යෑවීමක නියෑලුණු යුස්‌වේන්දර් චාහාල් සිය පන්දු වාර හතර අවසන් වන විට ලකුණු 23 කදී කඩුලු හතරක්‌ දවා ගත්තේය. අදාළ දක්‌ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.

ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට ආරම්භක පිතිකරු උපුල් තරංග (23) පත්වන අතරවාරයේ සෙසු එකදු පිතිකරුවකුටවත් ලකුණු විස්‌සේ සීමාවට පැමිණීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්‌ථාවක්‌ නොවීය.

ඉන්දීය ඉනිම ඉහළින් ඔසවා තැබූ ලෝකේෂ් රාහුල් පන්දු 48 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර හතක්‌ සමගින් වේගවත් ලකුණු 61 ක්‌ රැස්‌කර ගත්තේය.

ලකුණු සටහන

ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනක්‌ දැවී ලකුණු 180 යි. (රෝහිත් ශර්මා 17, ලෝකේෂ් රාහුල් 61, ශ්‍රෙයාස්‌ අයියර් 24, එම්. එස්‌. දෝණි (නොදැවී) 39, මනීෂ් පාණ්‌ඩේ (නොදැවී) 32, ඇන්ජලෝ මැතිව්ස්‌ 1/19, තිසර පෙරේරා 1/37, නුවන් ප්‍රදීප් 1/38)

ශ්‍රී ලංකාව පන්දු වාර 16 ක්‌ අවසානයේ සියල්ල දැවී ලකුණු 87 යි. (නිරෝෂන් දික්‌වැල්ල 13, උපුල් තරංග 23, කුසල් පෙරේරා 19, යුස්‌වේන්දර් චාහාල් 4/23, කුල්දීප් යාදෙව් 2/18, හර්දික්‌ පාණ්‌ඩ්‍යා 3/29)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *