Mar 23

දැරියන් දෙදෙනකු අපයොජනයට ලක් කළ තිදරු පියෙකු අත්අඩංගුවට

බාල වයස්කාර දැරියන් දෙදෙනකු වසරක පමණ කාලයක සිට අපයොජනයට ලක් කළ බව කියන තිදරු
පියෙකු අත්අඩංගුවට ගත් බව

හෝමාගම පොලිසිය පවසයි. මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ අවුරුදු 7 සහ 12 සහෝදරියන් දෙදෙනකු බව ද පොලිසිය කියයි.
සැකකරු මවුපියන් නොමැති අවස්ථාවලදී වරින් වර දැරියන් දෙදෙනා මෙසේ අපයෝඡනයන්ට ලක්කර ඇතැයි පැවසේ. දැරියගේ මව පැමිණ මේ පිළිබඳව හෝමාගම පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබිය. ඒ අනුව පොලිස් නිලධාරින් සැකකරුගේ නිවෙසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේ දී සිද්ධිය පිළිබඳ තොරතුරු පොලිසියට පවසා තිබේ.
ඒ අනුව සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර දැරියන්
දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *