Mar 14

පැපොල නිසා ඌව විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වැසෙයි

පැපොල රෝගය පැතිර යෑමේ අවදානමක් මතුවීම මත ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට සරසවියේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. දින දෙකක් තුළ පැතිර ගිය මෙම
රෝගී තත්වය

සිසු සිසුවියන් 35 දෙනකුට ශීඝ්‍රයෙන් වැලදීම නිසා මෙම තත්වය පාලනය කරගැනීමේ විකල්පයක් වශයෙන් සරසවියේ සියලුම පීඨ දින නියමයකින් තොරව වසා දැමීමට පියවර ගත් බව විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පැවැසීය. සරසවිය තුළ පිහිටි සිසු නේවාසිකාගාරවල සිසු සිසුවියන් 27 දෙනකුත් සරසවියෙන් බැහැර නේවාසිකාගාරවල 08 දෙනකුත් වශයෙන් 35 දෙනකු හට පැපොල රෝගය වැලදී ඇති බව ද හෙතෙම කීය.

සරසවියේ පීඨ හතරේ සිසු සිසුවියන් නේවාසිකාගාරවල එක්ව සිටීමත් මේ අනුව සියලුම පීඨවල සිසු සිසුවියන් අතර මෙම රෝගී තත්වය පැතිර යාමත් මෙම රෝගය වැලඳුණු බොහෝ පිරිසක් පළමු වසරේ සිසු සිසුවියන් බවත් කීය. එමෙන්ම සරසවියේ අධ්‍යයන කටයුතු පමණක් මෙලෙස නතර කළ බවත් සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *