May 05

හෙට දවසේ ප්‍රදේශ රැසකට බලපාන කාලගුණ වෙනස්වීම මෙන්න

පළාත් 03 කට සහ දිස්ත්‍රික්ක 04 කට හෙට (06) දිනයේදී උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල, ගම්පහ, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මෙම උණුසුම් කාලගුණය පැවතිය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.

ඒ අනුව, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් හැකි පමණ සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩබිම් තුළ කටයුතු කරන පුද්ගලයින්ට දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *