Dec 27

බස්‌නාහිර පළාත් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට්‌ තරගාවලිය

Club Cricket Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අනුග්‍රහයෙන් බස්‌නාහිර පළාත් ක්‍රිකට්‌ සංගමය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ එක්‌දින ක්‍ර්‍රකට්‌ තරගාවලියේ තෙවැනි සති අන්තයේ පැවැති තරගවලදී ගම්පහ, ආදි තර්ස්‌ටන්, කැලණිය, හොරණ, පීටර්සන්, කොළඹ විශ්වවිද්‍යාල, ගම්පහ, යුනිචෙලා, ආදි මොරටු විද්‍යාලය සහ හොරණ එස්‌.සී. ක්‍රීඩා සමාජ ජය ලැබීමට සමත් වූහ.

තරග ප්‍රතිඵල

කොළඹ විශ්වවිද්‍යාලය සහ ආදි ආනන්ද

ආදි ආනන්ද පන්දුවාර 29 කදී සියල්ල දැවී ලකුණු 98 යි. (කනිෂ්ක රන්තිලක 28, කලන විඡේසිරි 27, ඩයන් ජයසුරිය 23/5, සහන් විඡේසිංහ 19/3 යි.)

කොළඹ විශ්වවිද්‍යාලය පන්දුවාර 17.1 කදී කඩුලු 1ට ලකුණු 101 යි. (දිනේෂ් පතිරණ නොදැවී 56, යු. සෙන්දනායක 41 යි.)

ගම්පහ සී.සී. සහ වැලිවීරිය

වැලිවීරිය පන්දුවාර 31 කදී සියල්ල දැවී ලකුණු 146 යි. ගම්පහ සී.සී. කඩුලු 3ට ලකුණු 149 යි.

යුනිචෙලා සහ ආදි කැම්බ්‍රියන්

යුනිචෙලා පන්දුවාර 49.5 කදී සියල්ල දැවී ලකුණු 278 යි. (ඩවුඩ් මොහොමඩ් 29, ගයාන් විඡේකෝන් 36, අමිල සඳරුවන් 97, ලස්‌සන පෙරේරා 29, එච්.ජී.ධනුෂ්ක 70/3, මාධව ගුණතිලක 58/2, හේෂාන් මධුෂංක 37/3 යි.)

ආදි කැම්බ්‍රියන් පන්දුවාර 33.4 කදී සියල්ල දැවී ලකුණු 145 යි. (ෂෙහාන් අවිශ්ක 20, හර්ෂණ ගෝමස්‌ 42, දේවක පීරිස්‌ 32, රුචිර ඒකනායක 28/3, නයන ප්‍රභාත් 24/3, ඩුනිල් අඹේදීර 18/3 යි.)

නොමෑන්ඩ්ස්‌ සහ ආදි මොරටු විද්‍යාලය

ආදි මොරටු විද්‍යාලය පන්දුවාර 44.4 කදී සියල්ල දැවී ලකුණු 202 යි. (සනීෂ් චම්පික 72, ළහිරු චමීර 29, තරිඳු ඩිල්ෂාන් 28, වසන්ත වර්ණසුරිය 44/2, රජිත පෙරේරා 34/2 යි.)

නොමෑන්ඩ්ස්‌ පන්දුවාර 25.4 කදී සියල්ල දැවී ලකුණු 80 යි. (චරිත් ගයාන් 35, ප්‍රියංකර ප්‍රනාන්දු 40/6, ළහිරු චමීර 13/2 යි.)

හොරණ සහ කැලණිය

හොරණ එස්‌.සී. පන්දුවාර 43.2 කදී සියල්ල දැවී ලකුණු 185 යි. (ලක්‌ෂිත සිල්වා 35, දුලන්ත කවිඳු 33, සුදේෂ් එරංග 38, ෂෙශාන් නවින්ක 29/3, උමේෂ් හරසංග 34/3, ඉෂාන් ගීතංජන 16/2 යි.)

කැලණිය සී.සී. පන්දුවාර 34.3 කදී සියල්ල දැවී ලකුණු 145 යි. (තිළිණ මධුරංග 30, ඔමේෂ් හර්ෂණ 28, රන්ගීත් පිරිස්‌ 20, මොදිත වීරසිංහ 39/5, උදේශ් එරංග 5/2 යි.)

ගම්පහ සී.සී. සහ වීර සී.සී.

ගම්පහ සී.සී. පන්දුවාර 50 කදී කඩුලු 7ට ලකුණු 204 යි. (පවන් සේනානායක 47, දමිල් නිලංග 67, ජී.ඩී.එල්.බිල්හාන් 34/4 යි.)

වීර එස්‌.සී. පන්දුවාර 46.4 කදී කඩුලු 9ට ලකුණු 158 යි. (ජී.ඩබ්ලිව්.නෙරංජන් 57, බිම්සර තිමල් 47/3, අමිල මාගම්මන 15/2, අසංක කළුආරච්චි 12/2 යි.)

ආදි ආනන්ද සහ කැලණිය සී.සී.

ආදි ආනන්ද පන්දුවාර 48.5 කදී සියල්ල දැවී ලකුණු 157 යි. (මොදිත බණ්‌ඩාර 35, සෙනල් දසනායක 24, ෂෙහාන් නිවංක 25/2, ඔමේෂ් හර්ෂණ 19/2, මලිදු විදුරංග 21/2, සංගීත් රජිත 12/2 යි.)

කැලණිය සී.සී. පන්දුවාර 26.2 කදී කඩුලු 4ට ලකුණු 158 යි. (ෂෙහාන් නිවංක නොදැවී 58, අමිල පෙරේරා 35, ප්‍රසාද් සංජීව නොදැවී 20, රවිදු සසංක 14/1 යි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *