Jan 04

බුදු මැදුරේදී කාන්තාවකට ලිංගික අතවර කළ නරුමයාට වුණ දේ

what-happened-to-coward-who-sexually-abused-woman-at-buddhas-house
නිවසේ බුදු කුටියට මල් පුදා බුදුන් වඳිමින් සිටි 48 වියැති  කාන්තාවකට ලිංගික අතවර කර තිබෙන බව කුලියාපිටිය පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය පවසන අතර ඔහුව පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් එම කාර්යාංශය පවසනවා.

මෙලෙසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කණදුල්ල කුරුදැල්පත ප්‍රදේශයේ චීන අවන්හලක සේවය කරමින් සිටි දැරණියගල ඉලුක්‌තැන්නවත්ත ප්‍රදේශයේ අයෙක් බවයි සදහන් වෙන්නේ.
නව වසර උදාව සමරමින් කණදුල්ල ප්‍රදේශයේ නිවසක සකසාගෙන තිබූ බුදු මැඳුරට මල් පුදා බුදුන් වඳිමින් සිටියදී එසේ අනවසරයෙන් සැකකරු පැමිණ කාන්තාවට ලිංගික අතවර සිදු කොට පලා ගොස්‌ තිබෙනවා.
අදාළ කාන්තාව බුදු කුටියට මල් නෙළමින් සිටියදී සැකකාර තරුණයා අසල දුම්වැටියක්‌ දල්වාගෙන සිටිනු දැක ඇති බවත් තමන් එය වැඩි සැලකිල්ලට නොගෙන පහන දැල්වීමට නිවසට පැමිණි බවත් පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *