Jan 09

දස ලක්ෂයක වංචාවක් කළ බිරිඳ නිසා සුප්‍රසිද්ධ සැමියාටත් හිරේ යන්න වෙයිද..?

wife-who-has-spoiled-million-people-to-go-jail
රජයේ බැංකුවක උකස් භාණ්ඩ ලබාගැනීමේ අංශයක  රාජකාරියේ නිරතව සිට දස ලක්ෂයකට ආසන්න වටිනාකමක් සහිත රන් ආභරණ, රන් ආලේප කරන ලද ව්‍යාජ භාණ්ඩවලට මාරු කිරීමේ චෝදනාවකට ලක්ව වසර එකහමාරක කාලයක් පොලිසියට වසන් වී සිටී කාන්තාව පිළිබද  විධිමත් පරීක්ෂණ ආරම්භ කිරීමට  තංගල්ල පොලිසිය කටයුතු කරන බව පොලිසිය පවසනවා.

මෙම කාන්තාව පසුගිය කාලයේ විවාහයට පත්වූ අතර එම විවාහයත් සමඟම කලා ක්ෂේත්‍ර යේ දැඩි කතාබහකට ලක් වූ කාන්තාවක් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට පොලිසිය මඟහරිමින් සිටින එම කාන්තාව අද (09) අධිකරණයට භාර නොවූවහොත් ඇය සඟවා තබාගැනීමේ චෝදනා යටතේ ඇයගේ සුප්‍රසිද්ධ වත්මන් සැමියාද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් ආරංචි මාර්ග කියන අතර මේ සිද්ධියට වාර්තා වී වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබී එය යළි  ආරම්භ කර තිබෙන බවත් සදහන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *