Feb 03

විමල් වීරවංශ ගමන් කළ රිය අනතුරට ලක්වේ -විමල්ට තුවාල නෑ

wimal-accident
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ගමන් ගත් මෝටර් රථය රිය
අනතුරකට ලක්ව ඇති බව වාර්තාවේ.
රත්නපුර  පොහොට්ටුව ලකුණින් ජාතික නිදහස් පෙරමුණ යටතේ තරග වදින අපේක්‍ෂකයන් වෙනුවෙන් පැවැත්වූ ජනහමු සදහා සහභාගී වෙමින් සිටියදී

ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ.

පිටුපසින් පැමිණි ජාතික නිදහස් පෙරමුනේ  දීපාල් ගුණසේකරගේ කැබ් රථයක් විමල් වීරවංශ මහතා ගමන් ගත් මෝටර් රථයේ හැපී එහි පසුපස අසුනේ සිටි වීරවංශ මහතා විසි වී ඉදිරි අසුනේ ගැටී ඇති බව වාර්තාවන අතර ඔහුට තුවාලයක් සිදුව නැත. නමුත් වාහනයට හානි සිදුව ඇත.
මෝටර් රථය අලූත්වැඩියාව සදහා යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *