Feb 16

අනියම් පෙම සැලවීමෙන් සැමියා පෙට්‍රල් දමා බිරිදව පුළුස්සයි

woman-burned
අනියම් සම්බන්ධතාවයක්‌ මුල්කරගෙන සැමියා විසින් පෙට්‍රල් දමා ගිනි තැබූ බවට සැක කරන තරුණ බිරිඳක්‌ බරපතල පිළිස්‌සීම් තුවාල සහිතව කන්තලේ මූලික රෝහලට ඇතුළත් කළ බව අග්බෝපුර පොලිසිය පවසනවා.

රෝහල් ගත කොට ඇත්තේ අග්බෝපුර බටුකච්චිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක්‌ වන කුලසේකර මුදියන්සේලාගේ රේණුකා නමැත්තියක්. ඇයගේ තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය ශික්‌ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

රෝහල් ගතව සිටින කාන්තාව අනියම් සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන පවුලේ ආරවුල් ඇතිකර ගනිමින් විදේශ ගතවීමට සූදානම් වීම හේතුවෙන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්‌ වීමක්‌ දුර දිග යාමෙන් සැමියාට ඇතිවූ ක්‍ෂණික කෝපය මෙම ගිනි තැබීම ට හේතුවී ඇති බව පරීක්‌ෂණ පවත්වන පොලිසිය සඳහන් කරන්නේ.
කාන්තාවගේ හිසට , මුහුණට, අත් දෙකට හා පපුව ප්‍රදේශයට බරපතළ පිළිස්‌සීම් තුවාල සිදුවීම හේතුවෙන් සම්පූර්ණ ප්‍රකාශයක්‌ සටහන් කර ගැනීමටද පොලිසියට නොහැකිවී ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පොලිසිය සිද්ධිය වූ ස්‌ථානයට ළඟාවන විට ප්‍රදේශවාසීන් සැකකරු අල්ලාගෙන සිට ඇති අතර පසුව ඔහු පොලිසියට භාර දී තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *