Jan 06

සැකයක් ඉතිරි කර ගොඩනැගිල්ලකින් හමු වූ කාන්තා මළ සිරුර

women-dead

වවුනියාව, කණ්නාඩිගනේෂපුරම් ප්‍රදේශයේ තිබි ගෙළ වැළලාගෙන මියගොස් සිටි නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (05) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

කණ්නාඩිගනේෂපුරම් ප්‍රදේශයේ පිහිටි අතහැරදැමු ගොඩනැගිල්ලක තිබී මෙම සිරුර සොයාගත් බවයි වවුනියාව පොලිසිය පැවසූවේ.

මෙය සියදිවි හානි කරගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න සම්බන්ධයන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි වාර්තා වන්නේ.

මළ සිරුර මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *