Dec 29

සම්මානයට වඩා වටින්නේ ප්‍රේක්‌ෂකයන්ගේ ප්‍රතිචාර – ප්‍රවීණ රංගන ශිල්පිනී ෆර්නි රෝෂිනී

Worthy of the award

රංගන ශිල්පිනියක, ගායන ශිල්පිනියක සහ හඬ කැවීම් ශිල්පිනියක ද වෙමින් සිය දක්‌ෂතාවන් එළි දැක්‌වූ ඇය මෙරට ප්‍රේක්‌ෂක සිත් සතන් දිනූ ප්‍රවීණතම කලා ශිල්පිනියකි. වේදිකාවේ, සිනමාවේ සහ පුංචි තිරයේදී ඈ නිරූපිත චරිත එකිනෙකට වෙනස්‌ වූ නිසාවෙන් චරිතයකට කොටු නො වූ ඇය ලැබුණු සෑම අවස්‌ථාවටම සාධාරණය ඉටු කළේ ප්‍රේක්‌ෂක මතකයෙහි නොමියෙන චරිතයක්‌ වෙමිනි. ෆර්නි රෝෂිනී නම් වූ මේ සො`දුරු ප්‍රවීණ කලා ශිල්පිනිය සම`ග ‘දිවයින සිනමා කලා’ පැවැත්වූ කථා බහක සංක්‌ෂිප්ත සටහන මතු ගෙන හැර දක්‌වමු.

දශක දෙකකට ආසන්න ඔබේ කලා දිවියේ ආරම්භයට යමින් මේ කථාබහට ප්‍රවේශ වුවහොත්….

මම අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්‌ෂිලා විද්‍යාලයෙන්. පාසල් වේදිකාවේදී ර`ගපෑමට මූලාරම්භය ලැබුවා. ඒ කාලයේදී ම ගුවන් විදුලියට එක්‌ වූ මා හ`ද මාමා, ළමා රංග පීඨය සහ සරස්‌වතී මණ්‌ඩපය වෙනුවෙන් සහභාගී වී මගේ කලා දක්‌ෂතාවන් මුදා හැරියා. උසස්‌ පෙළට මුහුණ දීලා සරසවි වරම් ලැබුවත් මම විශ්වවිද්‍යාලයට ගියේ නැහැ.

ඔය කාලයේදී ඔබ ගුවන් විදුලියේ විභාගයකට මුහුණ දෙනවා…

ඔව්. 1994 පැවැත්වුණු විභාගයට මුහුණ දුන් මා ගුවන් විදුලියේ දෙවැනි ශ්‍රේණියේ වැඩසටහන් නිෂ්පාදිකාවක්‌ ලෙස සේවයට එක්‌ වෙනවා.

ඔබ අදත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවිකාවක්‌…

මම මේ වන විට ගුවන් විදුලියේ ප්‍රකාශන අංශයේ සහකාර අධ්‍යක්‌ෂවරියක ලෙස සේවය සපයනවා. හො`දයි. අපි කලාව දෙසට හැරෙමු. ඔබ පටන් ගන්නේ වේදිකාවෙන්….

ඔව්. රවින්ද්‍ර කෝදාගොඩ මහතාගේ අත හිත ලබා දීමෙන් මම මුලින්ම වේදිකාව සම`ග සම්බන්ධ වුණේ ‘බාල්කයේ තීන්දුව’ නම් වූ නාටකයට. නමුත් මේ නාට්‍යය වේදිකා ගත වුණේ නැහැ. ඊට පස්‌සේ ප්‍රසන්න අමරසේකර මහතා මා ප්‍රවීණ කලා ශිල්පී ධර්මසිරි බණ්‌ඩාරනායක මහතාට හ`දුන්වා දුන්නා. ඒ 2000 වර්ෂයේදී. මම එතැන් සිට බණ්‌ඩාරනායක මහතාගේ ‘ට්‍රොaජන් කාන්තාවෝ’ සම`ග රංගගත වෙනවා. මේ නාටකය තමයි මම ප්‍රසිද්ධ වේදිකාවේ සුව`ද ආඝ්‍රහණය කළ මුල්ම අවස්‌ථාව. ඊට පසුව ප්‍රියන්ත සෙනෙවිරත්නයන්ගේ ‘මිනිසා’, ජයලත් මනොරත්නගේ ‘සුදු රෙදි හොරු’, ‘හ`ඩ නිහ`ඩ’ ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉගිළෙති’, දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරි බෑණා’, ‘ගජමන් පුවත’ කේ.බී.හේරත් සූරීන්ගේ ‘ක`ඵ කුමාරි’, රවින්ද්‍ර ආරියරත්නයන්ගේ ‘බල්ලොත් එක්‌ක බෑ’ ‘චරිතෙ හොරු අරන්’ සම්පත් තෙන්නකෝන්ගේ ‘දෙසීය තුන්සීය’ ඇතුලු වේදිකා නාට්‍ය 30කට ආසන්න සංඛ්‍යාවක ර`ගපෑ මා අපේ ප්‍රවීණතම රංගනවේදීන් රැසක්‌ සමඟ රංග ගත වුණා. ලැබුණු ප්‍රේක්‌ෂක ප්‍රතිචාර මෙතෙකැයි කියා කියන්න බැහැ.

ඔබ පුංචි තිරයට එන්නේ ඒ උණුසුම් රසික ප්‍රතිචාර තුරුලු කර ගනිමින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *