Feb 27

මවගේ අනියම් ඇසුරින් සිත් තැවුලට පත් දාහත් හැවිරිදි දරුවා ගෙල වැල ලා මිය යයි

yaouth-dies-sad-news

තම මව, ඇයගේ අනියම් සැමියා නිවසට කැඳවාගෙන පැමිණීම නිසා ඇතිවූ සිත් තැවුලට ” ඔය හැමෝම මට සමාවෙන්න, මට තවත් දුක් විදින්න බෑ, මම ඔයාලගෙන් සමුගන්නවා” යි ලිපියක් ලියා තබා දාහත් හැවිරිදි
පුත‍්‍රයා පෙරේදා (25දා) ඔහුගේ

පුංචි අමිමාගේ නිවස ඉදිරිපිට ඇති නෙල්ලි ගසක එල්ලී සියදිවී නසා‍ ගෙන ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.

මියගොස් ඇති තරුණයාගේ පියා මීට වසර දෙකකට ඉහතදී දහතුන් හැවිරිදි තම වැඩිමහල් දියණිය දූෂණය කිරීමේ වරදට වරදකරු වී බන්ධනාගාර ගතව සිටින බවත්, දූෂණයට ලක්වූ ඔහුගේ වැඩිමහල් නැගණිය හා බාල නැගෙණිය අධිකරණ නියෝග මත  බාලිකා නිවාසයක රඳවා සිටින බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර තම මව ඇගේ අනියම් සැමියා  24දා ඔවුන්ගේ නිවෙසට කැඳවාගෙන ඒමෙන් සිත් තැවුලට පත් වී ඇති මේ දාහත් හැවිරිදි තරුණ දරුවා තම පුංචි අම්මාගේ නිවස ඉදිරිපිට ඇති නෙල්ලි ගසක ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මේ තරුණයා සියදිව් නසා ගැනීපට පෙර ලියුමක් ද ලියා තබා ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇති තරුණයාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (26දා) මොනරාගල මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *